( චමිල් රූපසිංහ)
කෘෂි කර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරින් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.
සේනා දළඹුවා දිවයිනේ සියලු ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙමින් බෝග රැසකට හානි කිරීම හේතුවෙන් දිවයින පුරා සියලුම කෘෂිකර්ම නිලධාරින් සහ සේවකයින් හෙට සිට වගා භුමි ක්ෂේත්‍ර පරික්ෂා සඳහා අනිවාර්යයෙන් යායුතු බවත් සේනා දළඹු ව්‍යාප්තිය පිළිබද දෛනික වාර්තා සකස් කරමින් එම ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුන් සක්‍රීය දායකත්වය ලබාදිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.
සේනා දළඹු ව්‍යාප්තිය පාලනය කිරීම සදහා තෝරා ගත් කෘෂි රසායන යෙදිම මේ වනවිට ක්‍රියාත්මකව ඇති බවත් ඒ සඳහා අවශ්‍යය මඟ පෙන්වීම හා උපදෙස් ලබාදීම කඩිනමින් කළ යුතුව ඇත.
ඒ හේතුවෙන් මර්දන වැඩසටහන් සදහා විශාල පිරිසක් බෝග ක්ෂේත්‍ර සදහා යෙදවිය යුතුව තිබෙන බවත් ඒ නිසා රටට අවශ්‍යය ආහාර සැපයීම සම්බන්ධ තීරණාත්මක මොහොතක් බැවින් සියලු දෙනා එක්ව රාජකාරිය කැපවීමෙන් යුතුව අකුරටම ඉටු කිරීම ඉතා වැදගත් බැවින් මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩු අවලංගු නොවේ... වැඩ තහනම් කරලා නෙරපන්න ඕනේ.. සේනා දළඹුවා මෙතරම් ව්‍යාප්ත වෙනකම් මොනවද කලේ?
නිවාඩු අවලංගු නොවේ. වැඩ තහනම් කරල නෙරපන්න ඕනේ. සේනා දළඹුවා මෙතරම් ව්‍යාප්ත වෙනකම් මොනවද කලේ?
අර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් කුමක්ද කරන්නේ? ඡන්දෙකුත් නැති එකේ...