
(ටී.කේ.ජී.කපිල )
රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වන " රක්ත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මුළින්ම කොළඹ - 02 ප්‍රදේශයේ පදිංච් 57 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව , මෙම කල්ලියේ අනෙකුත් සාමාජිකයන් තිදෙනා හදුනා ගෙන , අත් අඩංගුවට ගැනීම සමත් වී තිබුණි .
ඔවුන් අතර කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සැමියා සමග සිටි 42 හැවිරිදි බිරිද මෙන්ම , කොළඹ - 15 ප්‍රදේශයේ පදිංච් ව්‍යාපාරිකයෙකු ද අත් අඩංගුවට ගෙන සිටියහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහුවෙනවා ඉවරයක් නෑ. ගේනවා ඉවරෙකුත් නෑ. මරාගන්නවා ඉවරෙකුත් නෑ. හෙට මැරුණත් අද ජොලිකරමු චින්තනය.
සියළු මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මඟින් පුම්බා උඩ රින පාතාලය සහ මත්ද්‍රව්‍ය වෙඩි තැබීම් වීරයන් සේ සලකන උසාවි වල නඩු වලට පැමිණියාම voice cut මාධ්‍ය මඟින් සාර්ථක ප්‍රචාරක ක්‍රියා නිසා ඉක්මනින් මුදල් හොයන, සහ වීරත්ව ආරූඩ කරගෙන පොරක් වෙන්න දඟලන අය සහ ඉදලා හිටලා අල්ල ගත් දේයක් මුලු කාර්ය මණ්ඩලයම පොටෝ දා ලකුනවු දා ගැනීමත් නිසා මහත් ප්‍රවණතාවයක් ඇති වෙනවා. මේ ගැන ඔවුන්ගේ කර්මය අද shift එක දෙයක් මාරුවෙලා නොදැනුවත්ම එමෙන්ම දැන් අපි දන්නවා ඩයල් වලින් නිලධාරීන් කවුද කියලා.