ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසින් පසුගිය වසර 10 ක කාලය ඇතුළත නික්ම යන හය වැනි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීර් ස්ටාර්මර් බව පැවැසෙයි.

ස්ටාර්මර් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී, අග්‍රාමාත්‍ය ධුරයට සමුදෙන්නේ ඔහුට ඔහුගේ කම්කරු පක්ෂයෙන් එල්ල වුණු අභියෝග නිසාය.

දශකයක කාලයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරුන් වෙනස් වුවත්, දිගටම අග්‍රාමාත්‍ය නිල නිවසේ රැඳී සිටීමට ලැරී නමැති බළල් සුරතලා සමත් වී සිටී.

අවුරුදු 19 ක් වයසැති ලැරී අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණියේ මීයන් අල්ලීමටය. ලැරීගේ රාජකාරියත් එයයි. බ්‍රිතාන්‍ය දේශපාලනය කුමන ආකාරයේ හැලහැප්පීම්වලට ලක්වුවත් ලැරීගේ රාජකාරිය තවමත් එසේමය.