මෙවර අයවැය පෞද්ගලික අධ්‍යාපනයට මඟ පාදන අයවැයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති සමඟ එක්ව අයවැයට එරෙහිව අරගල කරන බව ද ස්ටාලින් මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ කොටුව ගුරු මැදුර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
එහි දී අදහස් දැක්වූ ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.
‘‘මෙවර අයවැය කතාවෙන් කියා ඇත්තේ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන අනූවක් වෙන් කර ඇති බවයි. එහෙත් පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන්ව ඇත්තේ රුපියල් බිලියන 76.9ක් පමණයි.
පසුගිය අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 185.9ක් වෙන් කර තිබූ බවත් තුන් වැනි කාර්තුව අවසන් වන විටත් වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 40ක් පමණක් බවත් අය වැය කතාවේදී කියැවුණා. එය සත්‍යක් නම් අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂම බව එයින්ම පෙනෙනවා. මේ ගැන අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශයක් කළ යුතුයි.
මේ ආණ්ඩුව බලයට පත් වුණේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කරන බවට පොරොන්දුවක් ලබා දෙමිනුයි. මෙවර අය වැයෙනුත් එය ඉටු කර නැහැ.
ලංකාවේ ගුරු විද්‍යාල 24න් දැනට ක්‍රියාත්මක වන්නේ හතක් පමණයි. මෙවර අයවැයෙන් එම ගුරු විද්‍යාල නඟා සිටුවන්නත්, ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවිමටත් මුදල් වෙන් කර නැහැ. නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට සිසුන් යෑම දිරිමත් කර තිබෙනවා.
ගුරු ක්ෂේත්‍රයේ සහ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ සියලු වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සංගම් සමග එක්ව මෙම අය වැයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.‘‘ යැයි ද ස්ටාලින් මහතා කීවේය.
ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සහ ලංකා ගුරු සංගමයේ උප ලේකම් සුජීවා මානෙල් මහත්මිය ද අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ, අමතක වුණාද අධ්‍යාපනය විතරක් නොවෙයි මුළු රටක්ම හදන්න කියලා පාර්ලිමේන්තුවට රිංගාගත් වැඩි දෙනෙකු හරියට අපොස (සාපෙ)වත් සමත් නැහැ කියලා? පැණි වරකා ගහට හෙන ගැහුවහම හොඳට ඉදෙන්න තියෙන ගෙඩියටත් වදිනවා. මේක ලංකාව. (නි)
1977 පසු කිවුව විදිහට වැඩක් කළේ මහින්ද මහතා විතරයි (නි)