
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව, ඇමෙරිකාව සහ ලොව බොහෝ රටවල් මෙම වසරේදී මැතිවරණ පවත්වන බවත් එම මැතිවරණවලින් කුමන අපේක්ෂකයා ජයග්‍රහණය කළත් ඇමෙරිකාව සැමවිටම ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවැසුවාය.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන පරිදි නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට සහ කතා කිරීමට ඇමෙරිකානු ජනතාවට අයිතියක් තිබෙන බවත් එම අයිතිය තමන් අකැමැති ප්‍රතිපත්ති විවේචනය කිරීමට පවා යොදාගත හැකි බවත් චන්ග් මහත්මිය පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය, එළඹෙන 4 වැනිදාට යෙදී තිබෙන ඇමෙරිකාවේ 248 වැනි නිදහස් දින සැමරුම කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ඊයේ(27) උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ අතර එහිදී අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිවරිය මෙම අදහස් පළ කළාය.
මෙරට ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහභාගී වූවේය.
ඇමෙරිකාවේ 248 වැනි නිදහස් දිනය සැමරීම සඳහා මෙරට මැති ඇමතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් එම උත්සවයට සහභාගී වූහ.
වසර 248 කට පෙර 1776 ජූලි 4 වන දින ඇමෙරිකාව නිදහස් ප්රකාශනයට අත්සන් තැබුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානු තානාපතිතුමිය මේ රටේ චන්දදායකයන්ට හොඳ පණිවිඩයක් මේ හරහා දීල තියන්නේ. රනිල්ට පමණයි ජාතියන්ත්‍ර සහයෝගය තියනව කියල අදටත් කොව්රු හරි තව දුරටත් සිතා ගන ඉන්නවා නම්, මැතුමියගේ ප්‍රකාශයෙන් එම මතය අවලංගු වෙනවා. ඒ වගේම IMF එකත් ළඟදී නිල වශයෙන් ප්‍රකාශ කල, ඉදිරියේදී බලයට එන රජය සමග ඔවුන් කටයුතු කරනවා කියල. ඇමරිකාව ඇතුළු බටහිට රටවල් සහ IMF එකත් දැනටමත් දැන ගන ඉන්නවා ඇති ඊළඟ මැතිවරයෙදී මේ ආණ්ඩුව පරාජයට පත් වෙනවා බව සහ ජාතික ජන බල වේගය බලයට එනවා බවත්.
අනේ යන්න චං නෝනා යන්න... ජූලියන් අසාන්ච් විකිලීක්ස් කාලේ අහුවුණා නම් බලාගන්න තිබුණා ඇමරිකාව විවේචනය කරන අයට ඔයාලා සලකන විදිය...
ඒ කියන්නේ ලෙඩ දාන්නත් පුළුවන් කියන එකනේ. අර රට සමග, මේ රට සමග අර රට එක්ක නෑ මේ රට එක්ක නෑ ලෝකයම කොටව කොටවා මොනවද ලබා ගන්න හදන්නේ ? මිනිස් කමට නිග්‍රහ කරන්නේ ඇයි? තානාපති සේවය පමණයි නේද කරන්න ඕනෑ.. චීන, ජපන්, රුසියන්, කොරියන්, ඕස්ට්‍රේලියන් මිනිස්සුන්ගේ ඔය ආකල්ප නෑ.