දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා 17 මාසයකට පසු දඹුල්ල පොලිසියෙන් පිළියන්දලට මාරුවක් ලැබීය.
ඔහුගේ සේවය අැගයීමටත්, සමු ගැනීමටත් ගම් නියම්ගම්වලින් බොහෝ පිරිස් පොලිසියට ආහ.
කැවුම්, කොකිස් කිරිබත් රැගෙන ආ ඔවුන් සමඟ මහා සංඝරත්නය ද වැඩම කළහ.
සමරකෝන් මහතාගේ පියාත්, සීයාත් පොලිසියේ සේවය කළහ.
දඹුල්ලේ හෙරොයින් මත්කුඩු හා කසිප්පු උවදුර බොහෝ දුරට තුරන් කිරීමටත්, පවුල් ආරවුල් විසඳීමටත්, අපරාධ අවම කිරීමටත් ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.
ඔවුහු බොහෝ දෙනෙක් හඬා වැටුණාහ.
මිනිස්සු ද, ගැහැණු ද හැඬූහ. සිවිල් සංවිධාන නායකයෝ ද හැඬූහ. දඹුල්ල පොලිස් ඉතිහාසයේ මෙවැනි සමු ගැනීමක් මෑතකදී වාර්තා නොවීය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද මනුස්සයෙක් නොවේ නම් ලංකාවේ කිසිම කෙනෙකුට මෙහෙම කිසිවෙක් සළකන්නේ නැහැ (බ)
පිළියන්දල කියන්නේ වැඩිපුරම අනවසර ගරාජකරුවන් සිටින තැනක්. (නි)
සංවේදී අවස්ථාවක දර්ශන පෙළක්. ඔබතුමාට නිදුක් නීරෝගී අනාගතයකට සුබ පැතුම්! ගෞරවාන්විත සේවයක් කිරීමට හැකියාවක් ලැබේවා! (නි)
මේ ගැන අහන/කියවන අපිටත් ඇඬෙනවනේ. (නි)
වන සිවුපාවුන් වැනි අය අතරෙත් මෙවැනි දෙව් ගති ඇති මිනිසෙක් සිටී යැයි ඇසීමත් සතුටකි. තමනුත් අන් අයමෙන්ම මිනිසෙක් බව අමතක නොකළ මහත්මයාණෙනි, ඔබට වාසනාවන්ත අනාගතයක් පතන අතරම සියලුම දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය හා තුනුරුවන්ගේ පිහිට නොඅඩුවම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)
හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වදී... පිළියන්දලටත් ගෞරවනීය සේවාවක් දෙන්න. (නි)
මේ වගේ අය ඉන්න තිබුනේ ඇඹිලිපිටියේ (නි)
ඔබතුමාට දීර්ඝායු වේවා! (නි)
මමත් දඹුල්ලේ සහ මෙතුමා දඹුල්ල ජනතාවට කර ඇති සේවය මෙතකි කියා කියන්න අමාරුයි. හදවතින්ම අවංකව කතා කරන පොලිස් නිලදාරියෙක් මම දැක්කේ මොහුගෙන් විතරයි. (ර)
මේ නිලධාරියාට අපේ සුභාශිංසන! (නි)
පිටිගල මිලානෝ - මම දඹුල්ලේ, සාරනාත් මහතා මේ ආණ්ඩුවට කලිනුත් දඹුල්ලේ තමා සේවය කලේ. ඔහු හොඳ කොන්ද පන තියෙන නිලදාරියෙක්. (ර)
අසංකගේ කතාවෙත් යම්කිසි සත්‍යයක් තිබෙනවා ඇති. (නි)
මෙච්චර හොඳ නම් ඇයි එතුමා යවන්නේ? (නි)
මෙන්න නියම පොලිසිය. මෙතුමා දඹුල්ලට කරලා තියෙන සේවය මෙච්චරයි කියන්න බැරි තරම්. (ර)
ෆෙඩ්රික්, හඳහන බලලාම ඕවා ලියන්න. (නි)
මෙවෙනි නිලධාරියෙක් අපේ ප්‍රදෙශයට පැමිණීම සාදරයෙන් පිළිගනිමු ......(කෞ)
කෝ මේ සාමාන්‍ය ජනතාව? ඔක්කොම පොලිසියනේ අඬන්නේ (නි)
පොලිසියට ගරුත්වයක් ලබාදෙන මෙවැනි පොලිස් නිලධාරින්ට රටවැසියනුත් මෙසේ සැළකීම දෙවියන් පිදීමක් වැනිය. අමනුෂ්‍ය පොලිස් නිලධාරීන් අතර මනුස්සකම දන්නා මෙවැනි නිලධාරීන් දෙවියන් මෙනි (නි)
මෙවැනි අවංක, දක්ෂ, බුද්ධිමත් සහ උසස් ගති ගුණ වලින් පිරිපුන් පොලිස් නිලධාරීන් පොලිසියටත්, රටටත් වටිනා ආදර්ශයක්. ඔබගේ ඉදිරි ගමනට මගෙන් උණුසුම් සුභපැතුම් !(කෞ)
මේවා දකින්නත් අපේ ඇස් වාසනා කරලා තියෙන්න ඕනෑ (නි)
මේ වගේ රත්තරන් මිනිසුන් ඉන්න පොලිසිය කොච්චර වාසනාවන්තද? (කෞ)
මේවා දකින අපේ ඇස් වලටත් කඳුළු එනවා. (නි)
මෙවන් පින්වත් පොලිස් නිලධරීන් අනෙකුත් පොලිස් ස්ථාන වලත් ඉන්නවා නම් මොනතරම් පිනක්ද? (නි)
මා දන්නා තරමින් තම පරම්පරාවෙන් පොලිසියට බැඳුනු පොලිස් නිලධාරීන් මහඟු සේවයක් සහ අවංක සේවයක් කරනවා (නි)
මම ඔබතුමා ගැන මොකුත්ම දන්නේ නැතිවුණත් මට පෙනෙන්නේ ඔබතුමා මනුෂ්‍යයෙක් නොවෙයි දෙවියෙක් කියලයි. ඉතින් ඔබ යන යන තැන මල් පිපේවා! ජනතාවට සේවය කිරීමට ශක්තිය වගේම සියලුම දෙනාගේ සහයෝගය නොඅඩුව ලැබේවා යන්න මගේ පැතුමයි. (නි)
මහජනතාවටත් දුක ඇති ගොඩක් (නි)
හොඳ මහත්තයෙක් අපිට නැතිවුණා (නි)
ෆෙඩ්රික් කියන්නේ ඇත්ත. අනේ මේ සාරානාත් මහතාටවත් මේ ගැන යමක් කරන්න ලැබේවා. (නි)
මට මේ ඡායාරුප ටික බලලා අඬන එක නවත්වාගන්න බැහැ. ලොකු වේදනාවක් එනවා. මේ ඡායාරූප මතක්වෙද්දි මට ඇඬෙනවා. (නි)
මේ මනුෂ්‍යාව සර්වබලධාරී දෙවියන් ආරක්ෂා කරන්නට ඕනා. (ර)
මගේ ජීවිතේටම මෙහෙම සමුගැනීමක් දැක්කමයි. ඔහු ඉතා උතුම් ගති ඇති කෙනෙක් බව පෙනේ. පොලිස් දෙපාර්තමේන්තුවේ "දුර්ලභ මැණිකක්" වගෙයි. (නි)
පොලිස් නම කන මිනිස්සු අතරේ දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නවා ආයූබෝවන්. (ර)
කඳුලක ගැඹුර. (ර)
රනිල් මහත්තයා වගේ කෙනෙක් පුටුවේ ඉන්නතුරු මේ පොලිස් මහතාට බයනැතුව අවංකව තම රාජකාරිය ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක කරන්න පුලුවන්වෙයි, බය නැතුව. ඔබට ජය පතමි! (නි)
ඔබ උතුම් මිනිසෙකි. ඔබ මෙලොවට බිහිකළ දෙමව්පියන්ට පින්.! (ර)
මිනිසුන් අතර දෙවියෙක්. මෙය සියලු දෙනාටම ආදර්ශයක් වේවා! ඔබට බුදු සරණයි! (නි)
දකින්න ආස හිතෙන පිතුර ටික. පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශමත් නිලධාරියෙක්. සුභ පැතුම්.! (ර)
ඇත්තටම දුකහිතෙනවා අපිටත් (නි)
මගේ ඇහැටත් කඳුලක් ඉනුවා. හැමෝම මෙහෙම වෙනවා නම් පොලිසීය කොච්චර හොඳද? (නි)
අපගේ හෘදයාංගම ස්තුතිය ඔබ තුමාට. හැබැයි ඔබතුමා පරිස්සම් වන්න ඔබගේ කට්ටියගෙන්ම. මම දන්නා ඔය වගේම පිදුම් ලද පොලිස් නිලදාරියෙක් අද නඩු පටලවල හිරබත් කනවා.(ම)
මෙන්න මෙහෙම තමයි පොලීසිය වැඩ කළ යුත්තේ. නැතුව එතෙන්ට එන හැමෝවම උසාවි දාන.පහරදීලා කූඩුවට දාන යුගය ඉවත් කරන්න හැකි,මෙවැනි නිලධාරීන් අගය කළ යුතුයි. අහිංසක ජනතාවට තේරුම් කර දුන්නාම ,ඒ අය තේරුම් ගන්නවා. නීතිඥයන් අකමැති වෙයි ඒත්. (බ)
යහපත් නිලධාරීන්ටත්, ඇඹිලිපිටියේ පොලිසියේ අයටත් එකම සැලකීම...!! ස්ථාන මාරු...!! (බ)
අජිත්, ඔබවැන්නන් මේ සමාජයට පිළිල බව අමුතුවෙන් කිවයුතු නොවේ (නි)
මේ තමා නියම රාජ්‍ය සේවයේ නියුතු නිලධාරී සැබෑ දෙවිවරු ඔබට සුබ ගමන් තවත් පළාතකට කොන්ද කෙලින් තියන් සේවය කරන්න ලැබේවා (බ)
පිළියන්දල කියන්නේ අපේ ගම්පළාත. දඹුල්ලේ රාජකාරිය කළාසේම අපිටත් යහපත් ආකාරයට, දේශපාලකයන්ට ගැති නොවී රාජකාරිය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. හැබැයි මෙහෙ ඉන්නේ දඹුල්ලේ වගේ ගැමියෝ නම් නෙමෙයි. පිළියන්දලිනුත් ඔයාකාරවම සමුගැනීමක් සිදුවුණොතින් දක්ෂ පොලිස් නිලධාරියෙක් හැටියට ඔබේ නම පවතිනවා ඇත. (නි)
හොඳ අයට වැඩිකල් ඉන්න ලැබෙන්නේ නැති එක තමා දුක. (නි)
පිළියන්දලටත් ඔබ වගේ කෙනෙකුගේ සේවය ලැබීම අගය කරමි. (ර)
කාන්තාවන්ට නම් දුක වාවාගන්න බැහැ වගෙයි. මටත් දුකයි (නි)
වහාම පොලිස්පතිතුමා කරරන්නට ඕන. (ර)
එතුමා වැනි අය රටටම වාසනාවක්! (නි)
පිළියන්දල කියන්නේ අපරාධ මරමස්ථානයක්. අනවසර ගාරාජ පොලිසියෙ ප්‍රධාන අදායම. රථවාහන ලොක්ක ත්‍රී වීල් ගොඩක හිමිකරුවෙක්. අනවසර ගරාජ වලින් මුදල් ගෙන අපරාධ කරන්නේ මිනිහ (බ)
ඔබව බලන්න මම පිළියන්දලට එනවා . ප්‍රණාමයකි !(කෞ)
මම නම් අපේ පොලිස් ස්ථානාධිපති කවුද කියලාවත් දන්නේ නැහැ. (නි)
මේකට සාමාන්‍ය ජනතාවත් දුක් උනානම් මේක හොඳ ප්‍රවෘත්තියක් වෙන්න තිබ්බා.මේ මනුස්සයා ගැන දන්නෝ දනිති .කෙසේ වෙතත් මෙම මාධ්‍යවේදියා ද පොලිසිය පිම්බීම ගැන වැඩිපුර හිතන බවත් පාඨකයෝ දනිත්.(කෞ)
මට නම් හිතෙන්නේ අජිත් වගේ අයට තමයි මළ සමයං කියලා. ඇත්තටම අපි මේ වගේ ආදර්ශමත් නිලධාරීන් අගය කරන්න ඕනෑ. (නි)
හොඳ පොලිස් නිලධාරියෙක්. මේ වගේ පොලිස් නිලධාරීන් රටටම වාසනාවක් (නි)
ඔබතුමා ආදරෙන් සාදරෙන් පිළියන්දලට පිළිගනිමි හොද හිත ඇති මිනිසුන් ඉන්න පළාතක් කැස්බැවේ (බ)
රාජකාරිය අකුරටම කළාම කාටත් හොඳ පැසසුම් ලැබෙනවා. (නි)
රටට අවශ්‍ය වන්නේ මෙවැනි මිනිසුන්ය (නි)
හොඳ මිනිසාට කඩදාසි සහතික වැඩක් නැත. ඔබ තුමා මහත් ධනයක් හම්බ කර ඇති පොහොසතෙක් බව ඉහත ලිපියෙන්ම වැටහෙනවා. ඔබට ජයවේවා! (ම)
අපගේ දේශපාලකයින්ට හොඳ ආදර්ශයක්. ඔවුන් වෙනුවෙන් එක කඳුලක් හෙලන්න එක මිනිහෙක් ඉන්නවාද කියලා විමසලා බලන්න (නි)
පිටිගල මිලානෝ, එතකොට මේ මහත්තයා අවංකව සේවය කරලා තියෙන්නෙ රනිල් මහත්තයා නැති කාලෙක නෙමෙයිද? (නි)
ගොඩක් සංවේදී අවස්ථාවක් (බ)
රටේ නීතිය රජකරන්නේ සමාජය යහපත් වන්නේ නිවැරදි දැක්මත් තියෙන නායකයින් සිටින විටයි. නුවන්ලා වගේ අයට රනිල් මහත්තයාගේ වටිනාකම තේරුම් ගන්න අමාරුයි. (ස)
මම මීට කලින් මෙතුමා රාජකාරි කරපු අවස්ථා 2ක් දැකල තියෙනවා. නිහතමානී පොලිස් නිල දරුවෙක් (කෞ)
ඔබ රටට සම්පතක්. ලොවටම ආදර්ශයක්. ඔබට දීර්ඝායු වේවා! (නි)
නියම පොලිස් නිලදරියක්. ඔබතුමාට ජය වේවා.! (ර)
ඔබට ජය (කෞ)
ඔය ප්‍රවෘත්තිය කරලා තියෙන්නේ තුට්ටු දෙකේ මාධ්‍යෙව්දියෙක් නොවේ රටට වැඩක් කල මනුස්සයෙක් ඔය මනුස්සයා කළ එක දෙයක් තමුන්ට කරන්න පුලුවන්ද මම අභියෝග කරනවා ඔය කාංචන කියන මාධ්‍යෙව්දියා කල එක දෙයක් මට කරලා පෙන්වන්න. සාරානාත් කියන්නෙත් ඒ වගේ කෙනෙක් ඔය කාකි කෝට් එක දාගත්තට ඊට යටින් හොද මනුස්සයෙක් ඉන්නේ (කෞ)
මහත්මයාණෙනි, මම ද ඔබට හිස නමා ආචාර කරමි.(කෞ)
පිළියන්දල පොලිසියට අරක්ගත් භූතයා මේ දිනවල පස්ස බිම ඇනිලා යන එන මං නැතිවයි ඉන්නේ .එයාට බලය තිබුනානම් මේ වගේ පොලිස් 'මහත්තයෙකුට' වැඩ කරන්න පුළුවන් තැනක් නොවෙයි පිළියන්දල කියන්නේ (බ)
පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශමත් නිලධාරියෙක්. සුභ පැතුම්.! පිළියන්දලටත් ඔබ වගේ කෙනෙකුගේ සේවය ලැබීම සතුටක් ........ (කෞ)
ශ්‍රී ලාංකිකයන් පිදිය යුත්තන්ට පිදීම උතුම් ලෙස කරනවා.මේ චායාරුප වලින් පෙනෙනවා .(කෞ)
මේ තමා නායකයෝ කියනේ ...ඔබ තුමාටත් සිය පවුලත් තෙරුවන් බෙලෙන් රැකදේව!!! (කෞ)
හොද රජයේ සේවකයෙක් වාගේ.(බ)
ඔබත් අපේ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර වැනි අවංක ජාතියට ආදරේ නිලධාරියෙක් ඔබට දිනකදී මුළු ලක් වැසියාම ආදරේ කරාවි. පූජිත මහතාටත් ඔබටත් තෙරුවන් සරණයි ! (බ)
මේ වගේ අය පොලීසියට වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක් තමයි දැන්. එතුමාට තෙරුවන් සරණයි. (ම)
දැන් එහෙනම් පිළියන්දලත් හදන්න තියෙන්නේ අඩු තරමේ කසිප්පු ටිකවත් නතර කරන්න... ලොකුගේ එ්කට ලේසියෙන් ඉඩ දෙන එකක්නම් නෑ (බ)
ඔබතුමා යුග පුරුෂයෙක් .. පුරන් අප්පු කිව්වා එය වගේ තව දෙන්නෙක් හැදුවනම් සුද්දොන්ට රට යටවෙන්නේ නැහැ කියල.. ඒ වගේම තමයි මේ පොලිස් නිලදරුවා වගේ තව 10 දෙනෙක් හිටිය නම් පොලීසිය අද අහන බැනුම් 50% වත් අඩු කරගන්න පුළුවනි.. (බ)
මළ සමයං (බ)
දඹුලු ඉතිහාසයට නෙවේ ලංකාවේ පොලිස් ඉතිහාසයටම මෙහෙම සමුගැනීමක් නොවෙන්න ඇති.(කෞ)
මෙන්න නියම පොලිසිය. මෙතුමා දඹුල්ලට කරලා තියෙන සේවය මෙච්චරයි කියන්න බැරි තරම් මගේ ජීවිතේටම මෙහෙම සමුගැනීමක් දැක්කමයි. ඔහු ඉතා උතුම් ගති ඇති කෙනෙක් බව පෙනේ ඉතින් ඔබ යන යන තැන මල් පිපේවා! ජනතාවට සේවය කිරීමට ශක්තිය වගේම සියලුම දෙනාගේ සහයෝගය නොඅඩුව ලැබේවා යන්න මගේ පැතුමයි ඔබතුමාට දීර්ඝායු වේවා! (බ)
පින්තුර ටික දැක්කම හිතාගන්න පුළුවන් මෙතුමා මිනිස්සුත් එක්ක කොපමණ ලෙංගතුව සේවය කරලා තියෙනවද කියල. අපේ රටට අවශ්‍ය කාකි බෑය දාගෙන ඒකෙ රැස්පොට් එක පෙන්නන අය නෙමෙයි. මෙන්න මේ වගේ මහත්මයින්, ශ්‍රේෂ්ඨ නිලධාරීන්. (බ)