IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කවුන්සිලේ පට්ටම් පෙරුළියක්?

2016-05-26-ent-04දියවන්නා කවුන්සිලේ ඉහළම පට්ටමත් දරන මහත්තයෙකුගෙ ක්‍රියාකලාපය ගැන අලි පාටියෙ ඉන්න මහත්තුරැ ලොකු විරෝධයක් පළ කරන්නට යනව කියලයි ආරංචි...

පසුගියදා තිබුණ අර්බුදකාරී ඡන්ද විමසීමකදී උන්නැහේ ක්‍රියාකළ ආකාරය මේ විරෝධයට හේතුවයි. කවුන්සිල් කස්ටිය කියනව ගිය සඳුද දවල් තිබුණ අලි පාටියෙ කවුන්සිල් මෙම්බර් මහත්තුරැන්ගෙ රුස්වීමෙදිත් මේ ප්‍රශ්නය ඇදුණලු... ඡන්ද විමසීමක් ගැන මූලාසනේ අන්තිම තීන්දුවත් දීල තියෙද්දි නැවත පරණ රුකෝඩ්වල තියන පින්තූර බලන්න උන්නැහේ අවසර දුන්න විතරක් නොවේ උන්නැහෙත් එතන හිටිය කියන කාරණාවට තමයි මේ විරෝධය මතුවෙලා තිබෙන්නෙ...

ඡන්ද ගණන්කර ප්‍රතිඵල දුන්නට පස්සෙ ඒ ගැන මුලසුනේ අවසරයක් නැතුව නැවත විමර්ශනය සම්ප්‍රදායට වගේම නීතියටත් පටහැනී කියනව...  ඡන්දෙ විමසීමෙන් පසුව මහ රාත්‍රි වනතුරැ මේ බලධරයට එතන රුඳි නොසිට යන්න කියලත් උපදෙස් දීල තිබෙද්දී මේ කළ වැඩේට මොකක් හරි පියවරක් ගත යුතුය කියලයි කවුන්සිල් කස්ටිය සාකච්ඡා කරල තියෙන්නෙ....

ඒ අනුව ළඟදීම පට්ටම් වෙනසක් සිද්ධවෙන්න පුළුවන් කියලත් ආරංචියක් යනව... එහෙම වුණොත් උසාවිය පැත්තෙන් ලොකු තනතුරක් ඉවත්වෙන කෙනාට ලැබෙන්න පුළුවන්ලු. අන්තිමට "වෙල" ගොඩ යයි කියලත් සමහරැ කියනව...

 

DESHAYA



අදහස් (0)

කවුන්සිලේ පට්ටම් පෙරුළියක්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site