IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘කවදාවත් හිතපු නැතිදේ අද ලංකාවේ වෙනවා‘

‘අද ලංකාවේ කවදාවත් අපි හිතපු නැතිදේ සිද්ධවෙනවා. වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරු හයක් සම්බන්ධයි කියලා තොරතුරු ඇවිත් තිබෙනවා. පෞද්ගලික රෝහල්වල විදේශිකයන්ට වකුගඩු බද්ධ කිරීම දැන් තහනම් කරලා තිබෙනවා. අද රෝහලට ඇතුළුවීමෙන් පසු තමන්ටත් නොදැනීම වකුගඩු ගලවාගන්න තැනට පත්වෙලා. රටේ සාරධර්ම මිනිස්කම් සියල්ල කෙලෙසිලා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) කොළඹ මහජන පුස්තකාලයේ ‘ලෙනින් කියවමු‘ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කරන ලෝකය වෙනස් කළ සැබෑ මිනිසා ‘ලෙනින් කියවමු‘ ප්‍රදර්ශනය හා සමරු දේශනයේ ආරම්භක අවස්ථාවට ජවිපෙ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

lenin_2016121326 lenin_20161213262 lenin_20161213263 lenin_20161213264 lenin_20161213265 lenin_20161213267

 



අදහස් (0)

‘කවදාවත් හිතපු නැතිදේ අද ලංකාවේ වෙනවා‘

කැප්පෙටිපොල Thursday, 21 January 2016 01:18 PM

ජවිපෙ තරම් ලෙනින් අදහන අය රුසියාවේ වත් නැහැ. හැබැයි විප්ලව කරලා පැරදුනාම ජවිපෙ අය දේශපාලන රැකවරණ ඉල්ලන් පනින්නේ ධනවාදී රටවලට. අනේ මෙහෙමත් විහිළු කාරයෝ. (ර)

:       0       0

රොෂාන් Thursday, 21 January 2016 07:18 AM

ඕක සිද්ධ වුණේ අවුරුදු දෙක තුනකට කලින්නේ දැන්ද ඇහැරුනේ නින්දෙන් (බ)

:       0       0

අසාද් Thursday, 21 January 2016 07:37 AM

මුදලට යටවුණ අපේ සංස්කෘතිය, හැදියාව! (නි)

:       0       0

අමා Thursday, 21 January 2016 07:41 AM

කොහොමද දැනගත්තේ හරියටම? (නි)

:       0       0

පෙරුමාල් Thursday, 21 January 2016 09:46 AM

ඔබතුමා කියන කතාව හරි.(හේ)

:       0       0

සේන Thursday, 21 January 2016 10:21 AM

දේශපාලන විශාරදයන් වන ඔබලා මෛත්‍රී සහ යූඇන්පී එක දිනවන්න ඔපමණ මහන්සි ගත්තේ ඇයි ? (බ)

:       0       0

සුජීව Thursday, 21 January 2016 11:20 AM

මොකද ලෙනින් ව මතක් වුනේ. අලි පාර හරි නැති නිසාද. ලංකාවේ කම්කරුවෝ නම් රවට්ටන්න බැරිවෙයි. ඔයාලා ලංකාවේ කම්කරු පන්තිය අමතක කරලා ඉන්න බව මුළු රටම දන්නවා.(හේ)

:       0       0

සෙබස්තියන් Thursday, 21 January 2016 11:23 AM

ලෙනින් ඉතිහාසයට එකතු වෙලා ගොඩක් කල් ... මේ විප්ලවවාදී සහෝදර වරු ... තාමත් ජීවත් වෙන්නේ .. රුසියන් විප්ලවය කාලේ ..(හේ)

:       0       0

ගයාන් Thursday, 21 January 2016 11:27 AM

මේ ඔක්කොටම පිස්සු.(හේ)

:       0       0

සන්තුෂ් Thursday, 21 January 2016 11:45 AM

ඔබ නිවැරදියි. වාමාංශික දේශපාලනයේ පරමාදර්ශය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් බොහෝ දෙනෙක් නතර වුණේ අන්ත දක්ෂිණාන්ෂික පක්ෂවල අගුපිළේ. සුසිල් සිරිවර්ධන, මහින්ද විජේසේකර සහෝදරයින්ගේ සිට විමල් වීරවංශ, නන්දන ගුණතිලක ආදී වත්මන් ජවිපෙ මුල්පෙලේ සාමාජිකයින් බොහෝ දෙනෙක් ඒ බව ස්ඵුට කර තිබෙනවා. අද සමාජවාදය දේශනා කරන ඔබත් අනාගතයේ එසේ නොවේයැයි උපකල්පනය නොකිරීමට කිසිදු සාධකයක් ජ.වි.පෙ තුල ඉතිරිව නෑ. රෝහණ සහෝදරයා සමග අතලොස්සක් හැර අනෙකුත් ජ.වි.පෙ නායක කාරකාදීන් සමාජවාදය පෙන්වා එය මාවතක් කරගෙන ධනවාදී සමාජයට පිය නැගීමට ජ.වි.පෙ. හිණිමගක් කරගෙන ඇති බව හරි පැහැදිලියි.(හේ)

:       0       0

සරත් Thursday, 21 January 2016 07:20 AM

එහෙම තමා වෙනස! ඔබතුමාලා පත්කළ යහපාලනයනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site