‘අද ලංකාවේ කවදාවත් අපි හිතපු නැතිදේ සිද්ධවෙනවා. වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරු හයක් සම්බන්ධයි කියලා තොරතුරු ඇවිත් තිබෙනවා. පෞද්ගලික රෝහල්වල විදේශිකයන්ට වකුගඩු බද්ධ කිරීම දැන් තහනම් කරලා තිබෙනවා. අද රෝහලට ඇතුළුවීමෙන් පසු තමන්ටත් නොදැනීම වකුගඩු ගලවාගන්න තැනට පත්වෙලා. රටේ සාරධර්ම මිනිස්කම් සියල්ල කෙලෙසිලා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (21) කොළඹ මහජන පුස්තකාලයේ ‘ලෙනින් කියවමු‘ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කරන ලෝකය වෙනස් කළ සැබෑ මිනිසා ‘ලෙනින් කියවමු‘ ප්‍රදර්ශනය හා සමරු දේශනයේ ආරම්භක අවස්ථාවට ජවිපෙ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත, වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ තරම් ලෙනින් අදහන අය රුසියාවේ වත් නැහැ. හැබැයි විප්ලව කරලා පැරදුනාම ජවිපෙ අය දේශපාලන රැකවරණ ඉල්ලන් පනින්නේ ධනවාදී රටවලට. අනේ මෙහෙමත් විහිළු කාරයෝ. (ර)
ඕක සිද්ධ වුණේ අවුරුදු දෙක තුනකට කලින්නේ දැන්ද ඇහැරුනේ නින්දෙන් (බ)
මුදලට යටවුණ අපේ සංස්කෘතිය, හැදියාව! (නි)
කොහොමද දැනගත්තේ හරියටම? (නි)
ඔබතුමා කියන කතාව හරි.(හේ)
දේශපාලන විශාරදයන් වන ඔබලා මෛත්‍රී සහ යූඇන්පී එක දිනවන්න ඔපමණ මහන්සි ගත්තේ ඇයි ? (බ)
මොකද ලෙනින් ව මතක් වුනේ. අලි පාර හරි නැති නිසාද. ලංකාවේ කම්කරුවෝ නම් රවට්ටන්න බැරිවෙයි. ඔයාලා ලංකාවේ කම්කරු පන්තිය අමතක කරලා ඉන්න බව මුළු රටම දන්නවා.(හේ)
ලෙනින් ඉතිහාසයට එකතු වෙලා ගොඩක් කල් ... මේ විප්ලවවාදී සහෝදර වරු ... තාමත් ජීවත් වෙන්නේ .. රුසියන් විප්ලවය කාලේ ..(හේ)
මේ ඔක්කොටම පිස්සු.(හේ)
ඔබ නිවැරදියි. වාමාංශික දේශපාලනයේ පරමාදර්ශය වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් බොහෝ දෙනෙක් නතර වුණේ අන්ත දක්ෂිණාන්ෂික පක්ෂවල අගුපිළේ. සුසිල් සිරිවර්ධන, මහින්ද විජේසේකර සහෝදරයින්ගේ සිට විමල් වීරවංශ, නන්දන ගුණතිලක ආදී වත්මන් ජවිපෙ මුල්පෙලේ සාමාජිකයින් බොහෝ දෙනෙක් ඒ බව ස්ඵුට කර තිබෙනවා. අද සමාජවාදය දේශනා කරන ඔබත් අනාගතයේ එසේ නොවේයැයි උපකල්පනය නොකිරීමට කිසිදු සාධකයක් ජ.වි.පෙ තුල ඉතිරිව නෑ. රෝහණ සහෝදරයා සමග අතලොස්සක් හැර අනෙකුත් ජ.වි.පෙ නායක කාරකාදීන් සමාජවාදය පෙන්වා එය මාවතක් කරගෙන ධනවාදී සමාජයට පිය නැගීමට ජ.වි.පෙ. හිණිමගක් කරගෙන ඇති බව හරි පැහැදිලියි.(හේ)
එහෙම තමා වෙනස! ඔබතුමාලා පත්කළ යහපාලනයනේ (නි)