මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෝස්ටර රටපුරා බහුතර අපෙක්ෂක පිරිසක් දැනටමත් අලවා අවසන්ය. ඒ අතර ඉතාමත් නින්දිත අයුරින් ප්‍රදර්ශනය වන පෝස්ටර් විවිධ පොදු ස්ථානවල දැකිය හැකිය.
මෙම ඡායාරූපය මහනුවර දිස්ත්‍රික්කයේ මගී ප්‍රවාහන බස් රථයක මගීන්ට දිස්වන අයුරින් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ ගෙන තිබුණු මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා අපෙක්ෂකයකුගේ ඡන්ද පෝස්ටරයකි. නමුත් එය අලවා ඇත්තේ කුමන තැනකද යන්නවත් ඇලවූවන් නොදැන සිටියා විය හැකිය. බුදු රජාණන්වහන්සේගේ මුහුණ වැසෙන සේ බසයේ තිබූ ඡායාරූපයකට ඉහළින් මෙම අපේක්ෂකයාගේ ඡන්ද පෝස්ටරය අලවා තිබෙණු දුටු අයකු එය ඡායාරූපයට නගා ෆේස්බුක් ඔස්සේ ලොව පුරා බෙදා හැර තිබුණි.
(ඡායාරූපය - ෆේස්බුක් ඇසුරිනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලලාවත් මිනිස්සු හැදෙනවා නම් හොඳයි (නි)
මේක අලවල තියෙන්නේ යූඇන්පී කාරයෙක්නෙ (බ)
කව්රු කළත් කරපු කෙනාට අඩු වලිගයයි , අන් තට්ටුවයි විතරයි . මේ පෝස්ටරේ මේ විදිහට අලවන්නේ නොදැන නොවෙයි දේසපාලකයන්ගේ අරක්කු ටිකට බත් මුලට අන්ධ වෙච්ච අම්බරුවන්ගේ වැඩ මේ (බ)
හෙන ගහනවා මුන් මේ පාර පරද වෙනවා ඔය කරපු දේටම.(බ)
මේක වෙනත් කෙනෙකු අපහාස කරන්න හිතා මතා කරපු දෙයක් වෙන්න පුළුවන්. අපිත් කළා ඔය වගේ වැඩක්.(නදී)
මේ ෆොටෝ එකේ ඉන්න කෙනා නෙමෙයි,මේක අලවපු කෙනා පවුකාරයෙක් (නි)
පක්ෂ මුලස්ථානයේ ජාතික ගීය ගායනා වෙද්දී දඟර නැටුම් නටපු අය ආගමක් ජාතියක් දන්නවද ? (නදී)
මෙතන කුවුරුත් බනින්නේ පෝස්ටරේ ඉන්න කෙනාට මේක අලවන්නේ ගෝල බලයෙක් බැනුම් අහන්නේ ලොක්කා (ස)
මේ ෆොටෝ එකේ ඉන්න කෙනාට බන්නවන්න විරුද්ද පාක්ෂිකයෙක් මේක කරන්න ඇත්තේ. (ස)
නොදෝමකින් දේශපාලන බල පෙරේතයෝ. මේගොල්ලන්ට අපේක්ෂකත්වය දෙන අයත් ඡන්දය දෙන අයත් අමනයෝ. (නදී)
ඡන්ද හිඟන පෝස්ටර් අලවන්න දෙනකොට දැනගන්න ඕනා කස්සිප්පු වීදුරුවට, බත්මුලට වැඩ කරන අයට පෝස්ටර් ඇලවිය යුතු ස්ථාන කියල දෙන්න. (නදී)
කකුල් දෙකේ හරක් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. (ස)
මේක ඡන්ද අපේක්ෂකයාගේ වරදක් නෙමෙයි.පෝස්ටර් අලවපු මනුස්සයාගේ වරදක්.. (ස)
"ගෝලයන්නේ වැඩ නිසා ලොක්කා බැනුම් අහනවලු" හැබැයි ඉතින් පහුගිය කාලෙ නම් ඇහුනේ වෙන කතාවක්. ගෝලයන්ගේ හැම වැඩක්ම ලොක්කන්ගේ ගිණුමට දාන එකයි ඒ දවස් වල කළේ (නි)
මෙම දේශපාළුවෝ ඡන්දය ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරාවි (නි)