( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා රෝගය උත්සන්න වීමෙන් දින දෙකක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් මිය ගිය බව කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය පැවසුවාය.
මෙලෙස මියගොස් තිබුණේ මාතර හමන්දුව පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක හා යටියන්තොට පනා වත්ත පදිංචි වී සිටී 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මියගිය කාන්තාව ඉකුත් 27 වැනි අයි ඩි එච් රෝහලට ඇතුළත් කර ඇති අතර පසුදින (28) මියගොස් තිබූ අතර පිරිමි පුද්ගලයා 28 වෙනි දින රෝහල් ගතව ඊයේ (29) මිය ගොස් තිබූ බව හදිසි මරණ පරීක්ෂකවරිය පැවසුවාය.
කොව්ඩ් වසංගතය සමාජය පුරා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බවත් විශේෂයෙන් මුඛ ආවරණ පැළඳ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම වඩා යෝග්‍ය බව හදිසි මරණ පරීක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය.
අයි ඩි එච් රෝහලේ මේ වන විට කොවිඩ් රෝගය වැළඳුණු රෝගීන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවත් කාර්ය මණ්ඩලයටද කොවිඩ් රෝගය වැළදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොවිඩ් යළි හිස ඔසවයි:මරණ 2ක්
කිරිපුතා Sunday, 30 April 2023 03:14 PM
මෙයාලා වැක්සීන් අරගෙන නැද්දැයි හොයාබැලිය යුතුයි.
පැරකුම්Sunday, 30 April 2023 04:30 PM
මේක කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක්... අපි ගහපු එන්නත් අහන්නේ නෑ. වෙනත් පොහොසත් රටවල මේකට අලුත් එන්නතක් ගහනවා. අපිට ඒවාට කෝ සල්ලි...? අපි ඒ ගැන කතා නෑ...