(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් හයදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර පිරිමි සහ කාන්තාවන් තිදෙනා බැගින් ඇතුළත්ව සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.