(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් හයදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් මියගිය පුද්ගලයන් හයදෙනා අතර කාන්තාවන් පස්දෙනකු සහ පිරිමියකු සිටින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.