(නිමල කොඩිතුවක්කු)
කොවීඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් බස් කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
බස් රථ සේවකයන් විශාල පිරිසකට කොවීඩ් ආසාදනය වීම හේතුවෙන් විශාල බස් රථ ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්කර ගෙන ඇතැයිද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
බස් රථ සේවකයන් සඳහා බූස්ටර් එන්නත ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයිි රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
එමෙන්ම බස් රථ සේවකයින් සහ මගීන් සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරමින් බස් රථවල ගමන් කළ යුතු බවත් විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවීඩ් තිබුණත්, නැතත් තමුසෙලාට ඔහොම වෙලා මදි..! මතකයිනේ කොවිඩ් වසංගතයට ඉස්සෙල්ලා ඔහෙලා හැසිරුණු හැටි... ?
මොන අර්බුදයක්ද? අලුතින් සුඛෝපභෝගි බස්රථ සේවයකුත් පටන් අරන්ලු. දැක්කේ නැද්ද පීත්ත පටි කපනවා...?
වෙනදා වගේ කටකපලා සෙනඟ පටවාගෙන යන්න දෙන්නේ නැතිවුණාම හිතට අමාරු ඇති...!
බස්වලට වැඩිය රෝහල් ආශ්රිත පසුබෑම, සංචාරක කර්මාන්තය, ගුවන්යානා, ඇඟලුම්.. තව ගොඩාක් තියෙනවා... බස් කාරයින්ට ඉස්සෙල්ලා හරියට පාරේ යන්න කියලා දෙන්න ඕනේ...