IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොවිඩ් දරුවනුත් වැඩිවෙලා

(සුජිත් හේවාජුලිගේ )

සමාජයේ  කොවිඩ්  පැතිරීම වැඩි වීම සමග කොවිඩ්  ආසාදිත දරුවන්   රෝහල්වලින් වාර්තාවීමද ඉහළ  යමින් පවතින බව  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

කොවිඩ්  ආසාදිත දරුවන් පස්දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පසුගිය දිනවල හමුවූ බවද හෙතෙම සඳහන් කළේය.

මේ දරුවන් පස්දෙනා වාර්තා වී ඇත්තේ  එකම කොවිඩ්  ආසාදිත දරුවකු හෝ වාර්තා නොවී පැවති පසුබිමක වීම  විශේෂත්වයකි.

මේ වසරේ මුල් කාලයේදී වරින් වර  කොවිඩ්  ආසාදිත දරුවන් 315ක් පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ අතර පසුව එම සංඛ්‍යාව බින්දුව දක්වා පහළ  ගොස් තිබුණු බව රෝහල් ආරංචිමාර්ග වලින් පැවසිණ.

දරුවන්ට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් පාසල් පාසල් යැවීමෙන් වළකින ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි ලක්ෂණ පවතී නම් දරුවන්ට  මුවා ආවරණයක් පැලඳීමට  ලබාදිය යුතු බවත් ඔවුන් අනෙක් අයගෙන් තරමක් ඈත් කර  තැබීම  වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බවත්  ඔහු සඳහන් කළේය.

පොදුවේ සමාජයේ කොවිඩ්  පැතිරීම ද වැඩි වී ඇති හෙයින් විශේෂයෙන් ම පොදු ස්ථානවලදී මුව ආවරණ පැලදීම  අනිවාර්යෙන්ම කළ යුතු  බවද  විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

මේ අතර  සැකකටයුතු රෝග ලක්ෂණ සහිත රෝගීන් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට යොමු කිරීම සහ  යොමුවීම බෙහෙවින්ම  අඩු වී ඇති හෙයින්  සමාජයේ කොවිඩ්   රෝගීන් පිළිබඳව නිවැරදි  මිම්මක්  ලබා ගැනීමට අද දවසේ  නොහැකි වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.



අදහස් (0)

කොවිඩ් දරුවනුත් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site