(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන බලපත්‍රය හරහා පසුගිය 21 වැනිදා සිට ඊයේ (28) රාත්‍රී දක්වා රථ වාහන 536,055 ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඉන්ධන පිරවුම්හල් 536 කින් කිව්.ආර්. කේතය අනුව ඊයේ දිනයේ පමණක් 187,005ක් ඉන්ධන ලබාගෙන ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඉන්ධන පිරවුම්හල් 826 ක් ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයට මේ වන විට අනුගතවී සිටින බවත් සමස්ල වාහන 4,479,376 ක් ඊයේ රාත්‍රී වන විට ඒ සඳහා ලියාපදිංචි වී සිටි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙට්‍රොලියම් එකෙි අතිකාල දීමනා ගෙවීම නම් මිලියන ගනනින්. .ඒත් ෂෙඩ් එකට බවුසරේ එන්නෙ උදේ දහයත් පහුවෙලා කොළඔ අවටත්. මිනිස්සු කලින් දවසේ දවල් පෝලිමට ඇවිත් ඉදලා පහුවදා හවස ගෙදර යනවා තෙල් ෂෙඩ් එකේ තෙල් ඉවරවෙලා. ඔන්න ඕකයි මහපොලවේ යථාර්තය. මෙතුමා යම් උත්සාහක් ගන්නව මේක කළමණාකරනය කරගන්න. ඒත් නිළධාරින්ගෙ නම් කිසිම සහයෝගයක් නැති ගානයි
කනගාටුවෙන් වුණත් කියන්න ඕනි. පෙට්‍රෝලියම් එක පවත්වාගෙන යන්න නම් මේ සිටින සේවකයන් ගෙන් 50% ක්වත් අඩු කළ යුතුයි.
මේක හොඳ ක්‍රමයක්. මේ තරුණ ඇමති සෑහෙන්න ගේමක් දෙනවා මේක ගොඩගන්න. ඔයා කරන දේ අවංකව කරන්න. ඔයාට සුබ පතනවා. මේක තව ටිකක් දියුණු කරන්න. අධෛර්ය වෙන්න එපා. හැබැයි මොනවා කළත් තෙල් තියෙන්න ඕනි බෙදා හරින්න. කොහොම හරි උත්සාහ කරලා උදේ 6 වෙනකොට ෂෙඩ්වලට තෙල් එවන්න. අපි රස්සාවල් කරන මිනිස්සු. නිවාඩු දාලා තෙල් ගහන්න එන්නේ. පුළුන්නම් කැටගරි කරන්න. මාසෙට ලීටර් කීයක්ද කියලා. මට නම් ඇත්තටම මගෙ කාර් එකට මාසෙටම ඕනි ලීටර් 20යි. ඒත් සමහර අයට 200 ක්වත් ඕනි. අපි වගේ අඩු ඉල්ලුමක් තියන අයගෙ කෝටා එක වැඩි ඉල්ලුමක් ඇති අයට බෙදෙන විදියට හදන්න. මැනේජ්මන්ට් එකයි වැදගත්.
ලක්ෂ 5කට QR කේත තෙල් නිකුත් කළබව, ඒක මාධ්‍ය සංදර්ශනවලට සතුටුයි. නමුත් ප්‍රායෝගිකව වෙලා නෑ.. මම කියන්නේ මෙය ඔබගේ නිලධාරීන් ඔබව නොමග යවා ඇතිබවයි..
මෙම QR ක්‍රමය ඉතාම හොඳ තීරණයක්... නමුත් මෙම QR කෝඩ් එක හදාගන්න බැරුව සිටින මිනිසුන් තවම සිටිනවා. පරණ වාහන, අතින් ලියපු පොත් තියෙන වාහන ඒ වගේ ගොඩක් අය ඉන්නවා මේ වෙලාව වෙන කොටත් කරන්න දෙයක් නැතුව... මෙම QR ක්‍රමයේ 100%ක් සාර්ථකත්වය ලබාගැනීමට අවශ්‍ය නම් එවැනි මිනිසුන්ට මෙම QR කෝඩ් එක හදා ගන්න ක්‍රමයක් හෝ වෙනත් උපදේශකයක් හඳුන්වා දියයුතුය..