රුධිරයේ කොලස්ටරෝල් මට්ටම අඩුකිරීමට සමත් එන්නතක් සාර්ථක ලෙස අත්හදා බලමින් පවතින බව වියනාවේ මෙඩිකල් යුනිවර්සිටිහි පර්යේෂකයෝ පිරිසක් පවසති.
ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 72 දෙදෙනකු සඳහා පර්යේෂණාත්මක සාම්පල එන්නත් කළ බවත් වසරකින් පමණ පසු මෙහි ප්‍රතිඵල දැකගැනීමට හැකිවනු ඇති බවත් ඔවුහු පවසති.
රුධිරයේ කොලස්ටරෝල් මට්ටම අඩුකිරීම මගින් හෘදයාබාධවලින් වැළකීමට හැකියාව ලැබෙන අතර මේ සඳහා මෙතෙක් වෛද්‍යවරුන් විසින් ලබාදුන් පෙති වෙනුවට විකල්පයක් ලෙස මෙම එන්නත පාවිච්චි කළ හැකිය.
මෙම එන්නත මුලින් මීයන්ට ලබා දි පර්යේෂණය කර ඇති අතර වසරකදී ඔවුන්ගේ රුධිරයේ එල්ඩීඑල් කොලස්ටරෝල් මට්ටම සියයට 50කින් අඩුවී ඇත.
(බී බී සී පුවත් ඇසුරිණි-085)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොලස්ටරෝල් මට්ටම අඩු කරන්න එන්නතක්