IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචිකා

20160525Ruchika-2මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පිවිසි රුචිකා හර්ෂණි මේ වනවිට වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා බොහොමයක් තුළින් අප හමුවට පැමිණ ඇය නිරූපණ ක්‍ෂේත්‍රය මෙන්ම කලා ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. නමින් රුචිකා, 'සාරවිට' අප සමගින් මෙලෙසින් සංවාදයේ යෙදුණාය.

ක්ෂේත්‍රයට ආවේ?

'අජිත්; කියලා නාට්‍යය කරපු සර් කෙනෙක් හිටියා. ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන කිහිප දෙනෙකුටම හඳුන්වලා දුන්නා. ඒ 2015 අවුරුද්දේ. ඊට පස්සෙ නිරූපිකාවක විදිහට වැඩ කළා. මේ අවුරුද්දෙ පෙබරවාරි මාසයේ තමයි රංගනය පැත්තට යොමුවුණේ. ඒ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන්. ඔහුගේ මිතුරෙක් කරපු මියුසික් වීඩියෝවකට පෙනි ඉඳලා.

 

පාසල් යන කාලේ කලාව පැත්තට නැඹුරු වුණේ නැද්ද?

පාසල් වේදිකාවේ නම් මම රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම, පාසල් තිබුණ කලා ප්‍රසංගවලට නිර්මාණය කළ නාට්‍යයවලට මම දායක වෙලා තියෙනවා. පාසල් යන කාලේදී මේ පැත්තට යොමු වෙන්න ගොඩක් උදව් කළේ ජේ.ඒ.ඩී පෙරේරා සර්.

 

එතකොට රුචිකා දැන් නිරූපිකාවක්ද රංගන ශිල්පිනියක්ද?

නිරූපිකාවක්. නමුත්, ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. ඒ වගේම දැනට ඒ සඳහා ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා.

 

දැනට ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

මියුසික් වීඩියෝ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකත් දැනට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව නිරූපණ ක්ෂේතයට සම්බන්ධ වැඩවලට දායක වෙලා ඉන්නවා.

 

ඔබ සම්බන්ධ වුණ ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත්?

එටිසෙලාට්, නැනෝ කාර්, මොබිටෙල් වෙළෙඳ ආයතන කළ වෙළෙඳ දැන්විම්වලට දායක වෙලා තියෙනවා. මෑතකදී තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී හිටියා. ඉදිරියේදී ඒවා දකින්නට පුළුවන් වේවි. වෙළෙඳ දැන්වීම්වලට අමතරව නුවන් රණසිංහගේ 'පපුවට හුරු නැති ආදරේ', තුෂාර කරුණාරත්නගේ 'ඇස් මායිමේ' ගීතවල මියුසික් විඩියෝ සඳහා දායක වෙලා තියෙනවා. සචිත්‍ර රාජපක්ෂගේ අලුත් ගීතයක් සඳහා කරපු මියුසික් විඩියෝවක් සඳහාත් මම පෙනී ඉන්නවා. එය තවත් නොබෝ දිනකින් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දකින්නට ලැබෙවි.

 

අලුත් කෙනෙක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඕනෑම දෙයක පැති කිහිපයක් තියෙනවා. ඉතින් හැමදේකින්ම හොඳ දේ විතරක් තෝරගන්න අපි බුද්ධිමත් වෙන්න ඕනා. ඉතා ඉක්මනින් ඉහළ යන්න කෙටි මාර්ගත් තියෙනවා. නමුත්, ඉක්මන් ගමනක් යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ඉක්මන් ගමන කෙටි කියනවනේ. ඒ හින්දා මම කැමතියි මේ ක්ෂේත්‍ර තුළ හෙමින් ගමනක් යන්න. ‍

 

මොනවද ඉලක්ක?

නිවේදිකාවක් විදිහට වැඩ කරන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න මම අපේක්ෂා කරනවා.

 

කවුද රුචිකාට උදව් කළේ?

අම්මා, පුංචි, අසංක අයියා, අජිත් සර්, ප්‍රදිප් අයියා, ජේ.ඒ.ඩී පෙරේරා සර් ඇතුළු පිරිස. නම් නොකියපු හැම කෙනෙකුටමත් මේ වෙලාවෙදි ගොඩක් ස්තුති කරනවා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - දිලුම් මහවිතාන

20160525Ruchika-1 20160525Ruchika-3 20160525Ruchika-4 20160525Ruchika-5



අදහස් (0)

කලාව තුළින් දිගු ගමනක් යන්නට සැරසෙන රුචිකා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site