(ඉන්දිකා රාමනායක)
කොල්ලූපිටිය ප‍්‍රධාන පෙළේ පිරිමි විදුහලක සිසුන් 50 දෙනකු පමණ ඊයේ (21) පෙරවරුවේ බොරැල්ල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකට කඩාවැදී එහි ගුරුවරුන් දෙදෙනකුට සහ මුරකරුට පහර දී විද්‍යාලයේ දේපළවලටද හානි සිදු කිරීම පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙහිදී විද්‍යාලයේ ගුරුවරුන් විසින් එක් සිසුවකු අල්ලා පොලිසිය වෙත බාර දී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය..
පාසල් කි‍්‍රකට් සමය හේතුවෙන් සිසුන් 200 දෙනකු පමණ ඊයේ පෙරවරු 11.00 පමණ කිංසි පාරේ පිහිටි මෙම බාලිකා විදුහල ඉදිරියට පැමිණ එම විදුහලට ඉදිරිපිට සිට ඝෝෂාකාරී ලෙස හැසිරෙමින් සිට ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සැලවී බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් පිරිසක් ගේට්ටුව අසලට පැමිණ බැලීමේදී සිසුන් 50 දෙනකු පමණ එකවරම ගේට්ටුවට උඩින් පාසලට කඩාවැදී ඇති බව පොලිසිය පවසයි.
පාසලට බලෙන් ඇතුළු වී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටි සිසුන් පිරිස ඉවත් කිරීමට එහි ගුරුවර ගුරුවරියන් සහ මුරකරු සුදානම් වු අවස්ථාව් සිසුන් ගුරුවරුන් දෙදෙනකුට සහ මුරකරුට පහර දී ඇති බවද පොලිසිය කියයි.
මේ අවස්ථාවේ විදුහල්පතිනිය පොලිස් හදිසි ඇමැතුම් අංශයට(119) සිද්ධිය දැනුම් දීමෙන් පසු පොලිසිය පාසලට පැමිණෙද්දී සිසුන් පිරිස පලාගොස් ඇත.
සිසුන්ගේ පහරදීමෙන් විද්‍යාලයේ මුර කුටියේ සහ ගොඩනැගිලි කිහිපයකට වීදුරුවලට අලාභහානි සිදුව ඇති බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසු ගිය වසර කීපය තුලම දැකපු දෙයක් තමයි පාසල් කි‍්‍රකට් සමය තුල මැර වැඩ කරමින් ප්‍රසිද්ධය කියන පාසල් වල සිසුන් කරන කලබල. මේ පාසල් වල ඉන්න විදුහල් පතිවරුන්ට තමන්ගේ ළමයින් මෙල්ල කර ගන්න බැරි නම් ඔවුන් අයින් විය යුතුයි.
මේ වැඩේ කරලා තියෙන්නේ කොලබ මහානාම එකේ මදාවි සෙට් එක. මෙතනට 50 ක් නෙමෙයි 150 ක් විතර කඩා පැනලා යකා නටලා ගිහින් තියෙන්නේ. මුන් ඔක්කොම හොදටම බීලා ඉදලා තියෙන්නේ. මගේ දුව යන්නෙත් මේ බාලිකා විදුහලට. ග්‍රේඩ් 7 වල ළමයි ඔක්කොම වගේ කෑ ගගා අඩලා තියෙනවා බයවෙච්ච පාරට.මේ ගොන් පාර්ට් සංස්කෘතිය වහාම පාසල් වලින් බැහැර කරන්න ඕනේ මොකද බිග් මැච් වලට මුවා වෙලා කරන්න ඕන හැම බලු වැඩේම පාරවල් වල එළිපිටම කරනවා. හවසට ගෙවල් වලට යනවා සන්තුවරයෝ වගේ.අනික මේ කට්ටියම musaeus එකටත් පැනලා දෙවනත් කරනවා මුළු පාසලම.
නැව ගිලුනත් බන් චුන්. මුළු රටම අනාථ වෙලා මුන්ට මගුල්.
බිග් මැච් නතරකළ යුතුමයි. මැච් තිබෙන්න ඕනෑ පිට්ටනිවල මිස පාරවල්වල නොවේ. විදුහල්පතිවරු වගකියන්න ඕන
මේ මෝඩ තකතීරුවෝ පොඩි කාලේ ඉඳන්ම කරන්න පුරුදු වෙන්නේ මුන්ගේ අප්පලාගේ ලොකුකම්, මැරකම් වලට හරවන එක. මේ වගේ ගොබ්බ චන්ඩි මට්ටුකරන්න ඉස්කෝලවලට බැරිනම් වෙනක්‍රම වලින් හරි කරන්න වෙනවා. නැතිනම් මුන් අප්පලා වුණ දවසක මුන්ගෙන් බිහිවන ඒ ගොබ්බ පරම්පරාවත් කරන්නේ මේ ටිකම තමයි. ඔක්කොටම කලින් මුන්ගේ අප්පලාව මට්ටුකරන්න මෙරටේ ඡන්දදායකයෝ පෙළ ගැහුන දවසට මුන්ගේ රැස් ඉබේම බහිනවා.
මේවා සාමාන්‍ය දේවල්. දැන් අවුරුදු 25 කට කලින් අපිත් ඔය වැඩ කළා. එ්ත් අපි මදාවි වුනේ නැහැ. දැන් ඉස්සරට වඩා මේ දේවල් අඩු වෙලා. රටම අනාත වෙලා කියන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ. මේකටත් දේශපාලනය ගාව ගන්න නරුමයෝ ඉන්න රටක් මේක.
ඇර සොයිසා .....ඔය වගේ පොරවල් තමයි අපේ රට අනාගතේදී පාලනය කරන්නේ.....ඔය කොල්ලෝ එකෙක්වත් අහුවෙන්නේ නැහැ....කව්රු හරි කියනවනම් පොලිසියෙන් අල්ලලා දඬුවම් දෙයි කියලා මෙන්න කැට ....මදාවි සංස්කෘතියට ජයවේවා !!!!
කිසිම සමාවක් දෙන්න හොඳ නැ. සියලු දෙනා සති දෙකකටවත් රිමාන්ඩ් කල යුතුය.
තරුණ පරපුරම මත් පැන් වලට යොමු කරවන සංස්කෘතියට වගකිව යුත්තේ දෙසපාලකයන්ය ඔවුන්ගේ මුලික ඉපයුම මත් පැන් ව්‍යාපාරය වෙනවා එතනෝල් බවුසර් පිටින් ගෙන්වීම එදාටත් වඩා සිදුවෙනවා කිනම් රජයක් පත් කලත් එය එසේමය විනය පාලනය කිරීම විදුහල්පති සිදු කල යුතුය තරුණ වයසේ ළමෝ මදාවිකම් වලට පෙළඹේ නම් එය මහානාමය පමණක් වගකිව යුතු නොවේ ඔවුන්ද කාගේ හෝ දෙමාපියන්ගේ දරුවන්
අහුවෙච්ච එකාගේ කකුලක් හෝ සෑහෙන කලකට විදවීමට කැඩුවා නම් ඉතා අගනේය.
මත් පැන් පානය කරලා නම් වගකියන්ඩ ඕනේ රටේ පාලකයෝ මිසක් දරුවෝ නොවේ. මේ වගේ වැඩ කොලු කාලේදී නොකලානම් එකත් වැරැද්දක්. මේවා නැති කරලා තහනම් කරලා ළමයින්ගේ එඩිතර බව මොට කල යුතු නැහැ. වැඩිහිටියන් වශයෙන් අප කල යුත්තේ කිසියම් හානියක් වෙනවානම් එය අවම කරගැනීමයි. නැතිව ළමයින් තුල ඇති එඩිතරබව විනාස කර දැමීම නොවෙයි.
යථාර්තය නම්, මේ වගේ මදාවි පාසලෙන් පිට කරන මේ දේවල් විදුහල්පතිවරුන්ට තනිව පාලනය කල නොහැකිය. මෙවැනි මහජනයාට හිරිහැර කරමින් හැසිරෙන මදාවි මර්ධනය කිරීම රජයේ සහ පොලිසියේ වගකීමයි. මෙවැන්නන් පාලනය කිරීමට රබර් උණ්ඩ සහ බැටන් පොලු භාවිතා කල යුතුයි. නමුත් අද පොලිසිය මේ දේවල් ගැන නිකම් ගොරවමින් ඉන්නා අතර කිසි දෙයක් ක්‍රියාවට නගන්නේ නැහැ. කලකට පෙර පාර්ලිමේන්තුවේ කෙනෙක්, නීතිය සහ සාමය සම්බන්ධ ඇමතිට ඔහුගේ රාජකාරිය පොඩි ළමයෙකුට දෙන මෙන් කිව්වා. ඒ කතාවේ ඇත්තක් ඇති බව අද රටේ සිදු වෙන දේ වලින් පෙනෙනවා.
මේ දරුවන් ඉපදෙනකොට මේ වගේ කලහකාරී වැඩ ගැන දැනගන නෙමෙයි ඉපදෙන්නේ . අපේ සමාජ සංස්කෘතියෙන් ඔවුන්ගේ හිත් වලට විවිධ දේවල් ඇතුළු කරලා , ඒවා කරන්න එපා කියල බල කරනවා , මේ දරුවනුත් දෙමව්පියන්ගේ දරුවෝ , සමාජයේ මතුපිටින් පෙන්නන්න සහ පවත්වාගන යන්න උත්සහ කරන දේ අභ්‍යන්තරයේ නැති වීම මෙතනින් පෙන්නුම් කරනවා , සමාජයේ මතුපිටින් පෙන්වන්න හදන දේ හා අභ්‍යන්තරයේ සාමාන්‍ය මිනිසුන්ගේ පවතින ක්‍රමය අතර පරතරය අඩු කල යුතුයි , රටේ තරුණ ජවය සාර්ථකව රටේ දියුණුවට යොදාගත හැකියි . මේ ගැන තවත් කතා කල හැකියි , ඉතිරිය අදාල පාර්ශව වලට බාරයි