කැලණි සරසවි සිසුහු කොළඹ කොල්ලුපිටියේදී අන්තර්විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගැසීමේ සිද්ධියට විරෝධය පාමින් කැලණි සරසවි සිසුහු 500ක් පමණ කොළඹ මහනුවර පාර අයිනට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකරන ලෙසද ඔවුහු ඉල්ලති.
කැලණි සරසවි සිසුහු කොළඹ කොල්ලුපිටියේදී අන්තර්විශ්ව විද්‍යාල සිසුන්ට කදුළු ගෑස් ගැසීමේ සිද්ධියට විරෝධය පාමින් කැලණි සරසවි සිසුහු 500ක් පමණ කොළඹ මහනුවර පාර අයිනට පැමිණ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
නිදහස් අධ්‍යාපනය කප්පාදු නොකරන ලෙසද ඔවුහු ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේ නම් අනුමත කරන්න බෑ.(හේ)
නිදහස් අධ්‍යාපනය රැකගැනීමට පෙළපාලි යාම නීතිය අතට ගැනීමක් වෙන්නේ කොහොමද ? (නි)
තරුණ වයසේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අරගල කිරීම ලෝකයේ ඕනෑම රටක සිදුවන සාමාන්‍ය ක්‍රියාවකි. එය නතර කල හැකි හෝ නතර කල යුතු යැය් විශ්වාස කරන්නේ විශ්ව විද්‍යාලයක පය තබාවත් නැති මෝඩයන්ය. බුද්ධිමත් රජයන් මෙම සිසුන් ස්මග ආරවුල් ඇති කර ගන්නේ නැත. කරන උද්ගෝෂණයක් කර ඔවුන්ට ආපසු යන්නට දුන්නාම ප්‍රශ්නය දිග්ගැස්සෙන්නේ නැත. නමුත් UNP ආණ්ඩු බලයට ආ සෑම විටකම ශිෂ්‍ය මර්ධනය පටන් ගැනීම සම්ප්‍රදායකි. කොල්ලුපිටියේදී කරගත්තෙත් ඒකමය.(ස)
මේ ගොල්ලන්ට වැඩ නැහැ නිකන් බොරු වැඩ නොකර තමන්ට අයිති වැඩ කොටස කරගෙන ඉන්නේ නැතිව පරිපාලනයට ඇගිලි ගහන්න ගියාම ඔයටික වෙනවා නිදහස් අද්ද්යනපනයක් තියෙන හින්ද තමයි මේ හැමකෙනෙක්ම දගලන්නේ මේ ගොල්ලන්ගේ වැරදි වැඩ හින්ද ඉගනගන්න ලමයිටත් ඉගනගන්න නැහැ. (ස)
ඉගෙනගන්නේ නැතුව අනුන්ගේ ලනු කනවා. මුන්ව විකුණගෙන දේශපාලනය කරන හොරු ටික පස්සෙන් ඉන්නවා. මව - පිය දුක් විදිනවා. ඉගෙනෙන ගනින් හරක් පැටව ටික (ස)
ඔයා දැක්කද භාතිය අපේ කොල්ලෝ නීතිය අතට ගන්නවා? (නි)
මට නම් ලංකාවේ කොන්ද පණ ඇති එකම ව්‍යාපාරය ශිෂ්‍ය ව්‍යාපාරය පමණයි. (නි)
නුඹලා ඔය ඇතුළේදී කළ කී දේවල් එළියට ආ පසු ක්‍රියාවට නැංවුවා නම් අද ශ්‍රී ලංකාව සුරපුරක්!! (නි)
මට පුදුම තරහක් එන්නේ (නි)
නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට දරන මේ උත්සාහය හරි වටිනවා. නැතුව විප්ලව කරලා රට අල්ල ගන්නා යනවා නෙවේ මේ (නදී)
හර්ෂ ඩේවිඩ්, දියුණු රටවල විශ්ව විද්‍යාල ශිෂ්‍යන් මෙපමණ උද්ඝෝෂණ කරන්නේ නැත. කළත් මහජනතාවට හානිකරන්නේ නැත. නවකයන්ට අමානුෂික ලෙස නවක වදය දෙන්නෙත් නැත. ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වී ඇත. සුළුතරයක් සිසුන්ගේ ඔලුගෙඩි තුළ ඇත්තේ දේශපාලනය නිසා ඔවුන් බහුතරයකගේ ඉගෙනීම කඩාකප්පල් කරති. මොන ආණ්ඩුව ආවත් මොවුන්ගේ ක්‍රියාපටිපාටිය වෙනස් නොවේ (නි)
නීතිය අතට ගන්නා අයට පොලිසිය කොහොම සැළකුවත් අපි විරුද්ධ නැහැ (නි)
මොන්ටිසෝරියේ ඉදන් අම්ම තාත්තගේ තුට්ටු දෙක හුරලා ටියුෂන් මස්ටර්ලට පුදලා ඔතනට රිංග ගන්න සමාජය ගැන ලෝකය ගැන මෙලෝ හසරක් නොදන්නා සිනි බෝල පැටව් ටික නිදහස් අධ්‍යාපනය කියන ගෝනි බිල්ල පෙන්නලා පාරට දක්කන අපේ අන්තරේ මල්ලිලට යහපාලානේ ආවම කරන්න වැඩක් නැතිවේවි කියල මමනම් හිතුවේ..අනේ ආයේ කවද අපි සරසවි සිසු පෙළපාලියක් දකින්නද? අන්තරේ වැඩ කිඩ බලන්නද? 6% වෙන් වෙලා අධ්‍යාපනයේ සියලු ප්‍රශ්න පිවිතුරු යහපාලනෙන් විසදුනාම දැන් අපේ රතු මල්ලිලට වෙන්නේ කඩේ වහල පෝලිමට කෝච්චියට බෙල්ල තියන්න කියල හිතාගෙන හිටපු අපිට ආයේ ලේ පුච්ච ගන්න කට්ටිය දිගටම අවස්තාව ලබල දේවි වගේ..රනිල් මහත්තයගෙන් අර 88/89 දී දීපු විසදුම් ටික ලබා ගත්තනම් ඔය ප්‍රශ්න සියල්ල විසදිලා නිදහස් අධ්යාපනෙත් රැකෙවී.ශමල්ල උදයල විමල්ල වගේ මුණු පොතේ විප්ලවකාරයෝ අම්ම තාත්තාගෙන් අහල දැන ගන්න යු අන් පි රජය ශිෂ්‍ය ගැටළු විසදපු අන්දම සහ එකේ සාර්ථක භාවය....සිසුන්ට නිදහසේ අධ්‍යාපනේ ලබන්න නොදී සරසවි අවුල් කරන අන්තරේ අයියල මල්ලිලට ඒ ක්‍රමය අත් දුටුවයි සත්තයි. (ස)
දැන් මේගොල්ල මෙහෙම දැඟලුවට උපාධිය ගත්තට පස්සේ ඇමෙරිකන් කාරයටත් වඩා ඉහල ධනේශ්වර පන්තියකට නගින්න තමයි උත්සාහය , හොඳම උදාහරණය දවසට ලක්ෂ ගණනක් හොයන චැනල් දොස්තරලා ඉගෙන ගත්තෙත් ඔය විශ්ව විද්‍යාල වලම තමයි , නොමිලයේ උගන්වන එක තමා වරද , මුදල් අයකර උගන්වන ටියුෂන් කඩ ඉස්සරහ උද්ගෝෂණය කරන සිසුන් නම් මම කවදාවත් දැකල නැහැ. (ස)