ගම්පහ කොට්ඨාසයේ පොලීසියක පරීක්ෂකවරයකු සාමාන්‍ය ඇඳුමෙන් අවේලාවේ පැම්ණ පිස්තෝලය දිගු කර තරුණයකුට (23) තර්ජනය කළැයි කියන පැමිණිල්ලක් විමර්ශනය කිරීම ආරම්භ කළ පොලීසිය තාවකාලිකව එම පරීක්ෂක වෙනත් පොලීසියකට මාරු කැර ඇතැයි පොලිස් ආරංචි කියයි.
මුදල් ආරවුලක් සම්බන්දයෙන් මීට මසකට පමණ පෙර තමා පොලීසියට පැමිනිල්ලක් කර තිබු බවත් ,සෙනසුරාදා (28) දවල් එය විභාග කර සමත මණ්ඩලයට යොමු කළ බවත්,න් පසු මිරිස්වත්ත හන්දියට එන ලෙස එම පොලිස් පරික්ෂක කිහිප විටක් අරකතන ඇමතුම් දුන් බවත් තරුණයා පොලීසියට කියා ඇත.
සෙනසුරාදා (28) රාත්‍රී හතට පමණ ඔහු තවත් පුද්ගලයකු සමඟ පැමිණ හෙල්මටයකින් තල්ලු කර පිස්තෝලය එල්ල කැර පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවද, පැමිණිල්ල ඉවරයක් කර ගන්නැයි කී බවද ,ඒ අවස්ථාවේ නිවස අසල සිටි කිහිප දෙනකු සිද්ධිය දුටු බවද,ඒ ගැන 118 අංකයට දැනුම් දුන් බවද තරුණයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
ත්‍රිරෝද රථ රියදුරකු වන තමා වරදක් කර නැතැයිද,පොලිස් පරික්ෂක නැවැත පැමිණ ජීවිත හානියක් කරතියි බියෙන් සිටින බවද ඔහු පොලීසියට කියා තිබේ.
එම පැමිණිල්ල ගැන විමර්ශන ආරම්භ කළ බවත්,පරීක්ෂණ අවසන්වනතුරු පොලිස් පරීක්ෂක තාවකාලිකව වෙනත් පොලීසියකට ස්ථාන මාරු කළ බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගානක් ගත්තද දන්නේ නැහැ පැමිණිල්ල අයින් කරවන්න (නදී)
දින 100 යෙන් පොලිසිය සුද්ද කලොත් -වේවි මුළු ලොකු සෙතක්. (ර)
මාරු කලාම හරිද.? (ර)
මෙවැනි චන්ඩි පොලිසියෙන් ඉවත් කල යුතුය. (ර)
ආරක්ෂක පුහුණුව තියෙන අය නිකම්ම ඉවත් කිරීම හොඳ මදි. කරන්න ඕන තනතුරෙන් පහත් කොට, දැඩි සෝදිසියකින් තබා ගැනීමයි. එලියට ගියොත් මොනවා කරයිද දන්නේ නෑ. පඩි ගෙවන ගමන් පුනරුත්තාපනයටත් යොමු කරන්න වෙයි.(නදී)
මේ වගේ නිලධාරීන්ව පොලිසියෙන් පන්නා දැමිය යුතුයි. (නදී)
ඔලුව කැක්කුමේ ඉන්න බැරි නිසා කොට්ටෙ මාරු කළා(දිල්)
රනිල් මහත්තයා පොලිසිය බාර ගෙන හදන්න. (නදී)
එහෙම මාරුවීමක් දීල නිකන් ඉන්න පුලුවන්ද ? ස්වයංක්‍රිය අවියක් පෙන්වා බිය වැද්දීම මරණ තර්ජන එල්ල කිරීම. ඇප දෙන්න බැරි වරදක්. (ර)
යම් කෙනෙකුට , යම් විමර්ශනයක් සම්බන්ධයෙන් පොලිසියට එන්න කියල නියෝගයක් දෙන්න අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් පොලිසියට බලය තියෙනවා. එහෙම එන්නේ නැතිනම් ගතයුතු ක්‍රියාමාර්ගත් එහි තියෙනවා. පොතේ එහෙම තියෙද්දී මේ මහත්තයා එයාගේ හිතේ තියෙන නීතිය ක්‍රියාත්මක කරලා වගේ පෙන්නේ. දැන් ඉතින් මෙයාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට (දිල්)