
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරමින් විපක්ෂ කණ්ඩායම ජයගත්තේය.
පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති අතර පොදු විපක්ෂය එකතුව ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 67ක් ලබාගෙන ගත්තේය. එහි මුළු ආසන සංඛ්‍යාව 92කි.
ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් කීප දෙනකු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
සමූපකාර නිලවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තරඟවැදුන පිරිස පරාජය කරමින් විවිධ පක්‍ෂවලින් සැදුම්ලත් කණ්ඩායමක් ජයගැනීමෙන් අනතුරුව එම ප‍්‍රචණ්ඩකාරී තත්වය ඇතිවූ බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන පිරිසගේ සුවදුක් බැලීමට පැමිණි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා රෝහල් පරිශ‍්‍රයේදී මාධ්‍යට පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඡන්දය තවත් පොහොට්ටුවට විතරයි...!
ඉස්සර නම් සතොස වගේම ආයතනයක් සමුපකාර කියන්නේ.. දැන් එහෙම එකක් තියෙනවද කියලා දන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ සමූපකාර සමිති තවමත් ක්‍රියාත්මක වෙනවාද?
ඉදිරියේදී පොහොට්ටුවට දිගටම පරාජය තමයි.
මේ ටික පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වෙන්න ඕනෑ...
ඉදිරි මැතිවරණ වලදිත් ප්‍රතිපලය ඕකම තමයි . මිනිස්සුන්ට අමාරුකම්, අසරණකම් දරාගන්න බැහැ