රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් තුන් දහසක් වටිනා විදේශ මුදල් තොගයක්  තම ගමන් මල්ලේ  සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කුරුණෑගල පදිංචි 29 හැවිරිදි  තරුණයෙකි.

  ඔහුුගේ ගමන් මල්ලේ රහස් සාක්කුවක් තුළ තිබී   ඇමරිකානු ඩොලර් තිස් පන්දහසක් සොයා ගත් බව රේගුව කියයි.  සැකකරු නිතර නිතර තම ව්‍යාපාර කටයුතු වලට යැයි කියමින් සිංගප්පුරුව හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහු රේගුවට පවසා ඇත්තේ තමන් රෙදි පිළි හා ජංගම දුරකතන ව්‍යාපාරයක නිරත වන බවයි. එහෙත් සැකකරු නීති විරෝධී  මුදල් සංසරණ කල්ලියක සාමාජිකයෙකු බවට  බවට රේගුව සැකකරයි.

මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂීනී පීරිස් මහත්මයගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන්  වන අයි.එම්.එල් දුෂාන්ත, එල්.ආර් නානායක්කාර,  ඩබ්ලිව්. වී.එම් මධුෂංක, බන්දුල වන්නිආරච්චි, ආර්.පි.එන් පතිරණ යන නිලධාරීහු සිදුකරති.

5 6