IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුලියට සල්ලි ඇදලා ?

රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් තුන් දහසක් වටිනා විදේශ මුදල් තොගයක්  තම ගමන් මල්ලේ  සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික තරුණයෙක් කටුනායක බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු කුරුණෑගල පදිංචි 29 හැවිරිදි  තරුණයෙකි.

  ඔහුුගේ ගමන් මල්ලේ රහස් සාක්කුවක් තුළ තිබී   ඇමරිකානු ඩොලර් තිස් පන්දහසක් සොයා ගත් බව රේගුව කියයි.  සැකකරු නිතර නිතර තම ව්‍යාපාර කටයුතු වලට යැයි කියමින් සිංගප්පුරුව හා ශ්‍රී ලංකාව අතර යාම් ඊම් කරන බව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔහු රේගුවට පවසා ඇත්තේ තමන් රෙදි පිළි හා ජංගම දුරකතන ව්‍යාපාරයක නිරත වන බවයි. එහෙත් සැකකරු නීති විරෝධී  මුදල් සංසරණ කල්ලියක සාමාජිකයෙකු බවට  බවට රේගුව සැකකරයි.

මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂීනී පීරිස් මහත්මයගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන්  වන අයි.එම්.එල් දුෂාන්ත, එල්.ආර් නානායක්කාර,  ඩබ්ලිව්. වී.එම් මධුෂංක, බන්දුල වන්නිආරච්චි, ආර්.පි.එන් පතිරණ යන නිලධාරීහු සිදුකරති.

5 6
 

 



අදහස් (0)

කුලියට සල්ලි ඇදලා ?

ශ්‍රීලාල් Sunday, 14 June 2015 10:09 AM

ඔය අල්ලන රත්තරන් මුදල් වලට වෙන්නේ කුමක්ද? අල්ලලා ඉවරයකුත් නැහැ. බදු වලට වුණු දෙයකුත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site