ඔළුවිල් ධීවරය වරායෙන් මුහුදු ගිය ධීවරයන් හය දෙනකු ආපසු පැමිණ නැතැයි ඔවුන්ගේ ඥාතීන් පොලිසියට පැමිණිලි කර ඇත. 

කල්මුණේ පදිංචි එම ධීවරයෝ සාමාන්‍යයෙන් මුහුදු ගොස් දින හයකින් ආපසු පැමිණිය ද දැනට ඔවුන් මුහුදු ගොස් දින 10ක් ගතව ඇතත් මෙතෙක් නොපැමිණි බව ඔවුන්ගේ ඥාතීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.