IMG-LOGO

කලබල ඇති තැන්වලට හමුදාවත් කැඳවයි

අලුත්ගම හා ධර්ගා නගරයේ ඇතිවූ ගැටුම් වැනි අවස්ථා යළි නොවීම සඳහා ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමට අද කළුතර දිස්ත්‍රික් කාර්යාලයයේ දී පැවැති රැස්වීමක දී තීරණය වීයැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කියයි.

අගමැති දි මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට  ඇමැතිවරු කිහිප දෙනෙක් ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද පැමිණ සිටියහ.

සන්සුන් වී සාමය රකින ලෙස අලුත්ගම හා ධර්ගා නගරයේ ජනතාවගෙන් බෞද්ධ හා මුස්ලිම් නායකයන් ශබ්ද විකාශන මාර්ගයෙන් ඉල්ලා සිටීමට ද මේ රැස්වීමේ දී තීරණය විය.

මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන අන්තවාදී සුළු පිරිස ගැන සොයා බැලීම හා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත්, ජන කොටස් දෙකේ  සුහදතාව වර්ධනය කිරීම සඳහා එම ජන කොටස්හි නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටත් සාකච්ඡාවේ දී එකගතාවයට පැමිණ ඇත.



අදහස් (0)

කලබල ඇති තැන්වලට හමුදාවත් කැඳවයි

ගිහාන් Monday, 16 June 2014 08:37 PM

අශ්වයා ගියාට පසු ඉස්තාලයේ දොර වහනවා කියන්නේ මේවාට තමා . (අ)

:       0       0

අරවින්ද Tuesday, 17 June 2014 02:29 PM

නියමයි (නදී)

:       0       0

සලීත් Tuesday, 17 June 2014 08:09 AM

මම මග්ගොන. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හොඳ සමගියෙන් හිටියේ. පොඩි පොඩි ප්‍රශ්න වෙනවා තමයි. ඒවා කතාකරලා විසඳා ගන්න එකයි වැදගත් (නි)

:       0       0

ඇලෙක්ස් Monday, 16 June 2014 09:14 PM

මේ සිද්ධිය ලෝකෙට යන හැටි .... දැන් සතුටු ඇති නේද ?

:       0       0

කුසුම් Monday, 16 June 2014 09:50 PM

අශ්වයින්ගේ කටට මුලින්ම කටකලියාවක් දැම්ම නම්, අද ඉස්තාල වහන්න වෙන්නේ නැහැ. සමහරු කුණුහරප කියනවා නෙමේ පිඹිනවා. ලැජ්ජයි (නදී)

:       0       0

කාලිංග Monday, 16 June 2014 09:53 PM

පිටරට මාධ්‍යය කරන බොරු ප්‍රචාර නවත්වන්න ඕනෑ මේවා දුරදිග යන්න කලින්. අපි රටක් හැටියට ලැජ්ජා විය යුතුයි මේවා ගැන (නි)

:       0       0

මිගාර Monday, 16 June 2014 10:13 PM

දැන් ඉතින් මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් සිටි අයට හොඳට නින්ද යයි (නි)

:       0       0

සාගර Monday, 16 June 2014 10:14 PM

මම නම් කියන්නේ මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි (නි)

:       0       0

එමිල් Monday, 16 June 2014 10:55 PM

කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරමු (නි)

:       0       0

ලලිතා Tuesday, 17 June 2014 10:26 AM

පුළුවන් තරම් ප්‍රශ්න ඇති නොවෙන විදිහට වැඩ කරන්න එතකොටයි සාමකාමිව ජිවත් වෙන්න පුළුවන් (දී)

:       0       0

අහිංසා Monday, 16 June 2014 11:24 PM

අමතක කරන්න එපා, මේ ප්‍රශ්නයේදී කිසිකෙනෙක් දිනුවේ නැහැ. තවත් වතාවක් අපි හැමෝම පැරදුනා (නි)

:       0       0

එරංග Monday, 16 June 2014 11:26 PM

මොනවා වුණත් බොරුවට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! අපි හැමෝම මේ වෙලාවේ සමගියෙන් සිටීමයි වැදගත් (නි)

:       0       0

මල්ශානි Monday, 16 June 2014 11:27 PM

මිනිසුන් තමන්ගේ මානසික පීඩාව විවිධ මාර්ග වලින් පිටකරනවා. (නි)

:       0       0

රන්ජිත් Monday, 16 June 2014 11:37 PM

එදා යුද්ධයෙන් අපේ රට බේරාදුන් රණවිරුවනි, දැන් ඇති වී ඇත්තේද භයානක තත්ත්වයකි. මේ වෙලාවේ බුද්ධිමත්ව තීරණ ගෙන අපේ රට මේ වෙන්න යන කරදරයෙන් ගළවා දී සියල්ලන්ටම සාධාරණයක් වන ලෙස මේ ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලමි (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 17 June 2014 01:04 AM

අපි බුද්ධිමත් වෙන්න ඕනෑ මෙවන් අවස්ථාවන්හිදීයි (නි)

:       0       0

ග්ලුමැන්දා Tuesday, 17 June 2014 12:05 PM

හමුදාව ගෙනල්ල මොනව කරන්නද? (ස)

:       0       0

දම්මි Tuesday, 17 June 2014 12:11 PM

ඉතාම හොද තීරණයක් (දී)

:       0       0

අජිත් Tuesday, 17 June 2014 02:38 AM

මේ අනවශ්‍ය ප්‍රශ්න වලින් අපිට වැඩක් නැහැ. අපිට සාමයෙන් ඉන්න ලැබුණොත් හොඳටම ඇති (නි)

:       0       0

අරෝෂ් Tuesday, 17 June 2014 02:46 AM

අනවශ්‍ය කලබල ඇතිකරගන්න එපා. මේ අපි සියල්ලන්ගේම රටයි (නි)

:       0       0

පියුමාල් Tuesday, 17 June 2014 03:09 AM

මොනවා වුණත් නීතිය සහ සාමය ආරක්ෂා කරගැනීමයි වැදගත් වෙන්නේ (නි)

:       0       0

ශ්‍යාමිලා Tuesday, 17 June 2014 05:25 AM

මේ ජාතිවාදී ගිනිදැල් ඇවිලුවේ කවුද? සමගියෙන් හිටි සිංහල දෙමල මුස්ලිම් ජනතව භේද කළේ කවුද ? හොඳට ඇස් හැර බලන්න මිත්‍රවරුනි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 17 June 2014 05:36 AM

දැන් ලෝකයා අපි ගැන මොනවා හිතනවා ඇද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 01:39 PM

ඕක තමයි අන්තිමට වෙන්නේ.පොලිසියට ප්‍රශ්න විසදාගන්න බැරිකොට හමුදාවට අඩගහනවා(දී)

:       0       0

ජීවක Monday, 16 June 2014 08:13 PM

පිල්ලේ නෝනගේ පිහිටයි (නදී)

:       0       0

නයිජම් ජීන් Monday, 16 June 2014 08:14 PM

දැනටමත් ප්‍රමාද වැඩියි නේද? ඔය තීරණය කලින් ගන්න තිබුනේ (නදී)

:       0       0

නිශේන් Monday, 16 June 2014 08:15 PM

මේ ප්‍රශ්නය විසඳීම හමුදාවේ ඇඟේ ගහල හරියනවද ? කෝ මේ හැට හුටහමාරක් මැති ඇමතිවරු ? දැනටම මේ දේවල් පිටරටවල් වල ඉතා නරක විදියට ප්‍රචාරය වෙනවා කියලා මගේ හිතවතෙක් කිව්වා. (නදී).

:       0       0

නිසාර් Monday, 16 June 2014 08:30 PM

ජීවක, දැන් පිල්ලේ නෙවෙයිනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 95 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 490 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 255 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site