අලුත්ගම හා ධර්ගා නගරයේ ඇතිවූ ගැටුම් වැනි අවස්ථා යළි නොවීම සඳහා ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමට අද කළුතර දිස්ත්‍රික් කාර්යාලයයේ දී පැවැති රැස්වීමක දී තීරණය වීයැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කියයි.
අගමැති දි මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ඇමැතිවරු කිහිප දෙනෙක් ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද පැමිණ සිටියහ.
සන්සුන් වී සාමය රකින ලෙස අලුත්ගම හා ධර්ගා නගරයේ ජනතාවගෙන් බෞද්ධ හා මුස්ලිම් නායකයන් ශබ්ද විකාශන මාර්ගයෙන් ඉල්ලා සිටීමට ද මේ රැස්වීමේ දී තීරණය විය.
මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන අන්තවාදී සුළු පිරිස ගැන සොයා බැලීම හා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත්, ජන කොටස් දෙකේ සුහදතාව වර්ධනය කිරීම සඳහා එම ජන කොටස්හි නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටත් සාකච්ඡාවේ දී එකගතාවයට පැමිණ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා ගියාට පසු ඉස්තාලයේ දොර වහනවා කියන්නේ මේවාට තමා . (අ)
නියමයි (නදී)
මම මග්ගොන. කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව හොඳ සමගියෙන් හිටියේ. පොඩි පොඩි ප්‍රශ්න වෙනවා තමයි. ඒවා කතාකරලා විසඳා ගන්න එකයි වැදගත් (නි)
මේ සිද්ධිය ලෝකෙට යන හැටි .... දැන් සතුටු ඇති නේද ?
අශ්වයින්ගේ කටට මුලින්ම කටකලියාවක් දැම්ම නම්, අද ඉස්තාල වහන්න වෙන්නේ නැහැ. සමහරු කුණුහරප කියනවා නෙමේ පිඹිනවා. ලැජ්ජයි (නදී)
පිටරට මාධ්‍යය කරන බොරු ප්‍රචාර නවත්වන්න ඕනෑ මේවා දුරදිග යන්න කලින්. අපි රටක් හැටියට ලැජ්ජා විය යුතුයි මේවා ගැන (නි)
දැන් ඉතින් මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් සිටි අයට හොඳට නින්ද යයි (නි)
මම නම් කියන්නේ මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි (නි)
කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරමු (නි)
පුළුවන් තරම් ප්‍රශ්න ඇති නොවෙන විදිහට වැඩ කරන්න එතකොටයි සාමකාමිව ජිවත් වෙන්න පුළුවන් (දී)
අමතක කරන්න එපා, මේ ප්‍රශ්නයේදී කිසිකෙනෙක් දිනුවේ නැහැ. තවත් වතාවක් අපි හැමෝම පැරදුනා (නි)
මොනවා වුණත් බොරුවට අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! අපි හැමෝම මේ වෙලාවේ සමගියෙන් සිටීමයි වැදගත් (නි)
මිනිසුන් තමන්ගේ මානසික පීඩාව විවිධ මාර්ග වලින් පිටකරනවා. (නි)
එදා යුද්ධයෙන් අපේ රට බේරාදුන් රණවිරුවනි, දැන් ඇති වී ඇත්තේද භයානක තත්ත්වයකි. මේ වෙලාවේ බුද්ධිමත්ව තීරණ ගෙන අපේ රට මේ වෙන්න යන කරදරයෙන් ගළවා දී සියල්ලන්ටම සාධාරණයක් වන ලෙස මේ ගැටලුව විසඳා දෙන ලෙස ඉල්ලමි (නි)
අපි බුද්ධිමත් වෙන්න ඕනෑ මෙවන් අවස්ථාවන්හිදීයි (නි)
හමුදාව ගෙනල්ල මොනව කරන්නද? (ස)
ඉතාම හොද තීරණයක් (දී)
මේ අනවශ්‍ය ප්‍රශ්න වලින් අපිට වැඩක් නැහැ. අපිට සාමයෙන් ඉන්න ලැබුණොත් හොඳටම ඇති (නි)
අනවශ්‍ය කලබල ඇතිකරගන්න එපා. මේ අපි සියල්ලන්ගේම රටයි (නි)
මොනවා වුණත් නීතිය සහ සාමය ආරක්ෂා කරගැනීමයි වැදගත් වෙන්නේ (නි)
මේ ජාතිවාදී ගිනිදැල් ඇවිලුවේ කවුද? සමගියෙන් හිටි සිංහල දෙමල මුස්ලිම් ජනතව භේද කළේ කවුද ? හොඳට ඇස් හැර බලන්න මිත්‍රවරුනි. (නි)
දැන් ලෝකයා අපි ගැන මොනවා හිතනවා ඇද්ද? (නි)
ඕක තමයි අන්තිමට වෙන්නේ.පොලිසියට ප්‍රශ්න විසදාගන්න බැරිකොට හමුදාවට අඩගහනවා(දී)
පිල්ලේ නෝනගේ පිහිටයි (නදී)
දැනටමත් ප්‍රමාද වැඩියි නේද? ඔය තීරණය කලින් ගන්න තිබුනේ (නදී)
මේ ප්‍රශ්නය විසඳීම හමුදාවේ ඇඟේ ගහල හරියනවද ? කෝ මේ හැට හුටහමාරක් මැති ඇමතිවරු ? දැනටම මේ දේවල් පිටරටවල් වල ඉතා නරක විදියට ප්‍රචාරය වෙනවා කියලා මගේ හිතවතෙක් කිව්වා. (නදී).
ජීවක, දැන් පිල්ලේ නෙවෙයිනේ (නදී)