කලබල පැවැති දිනවල බේරුවල බදනාගොඩ අක්කර පහක ඉඩමකට බලෙන් පැන රබර් ගස් 165 ක් හා තේක්ක ගස් 24 ක් කපා දැමු පුද්ගලයෙක් කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ජී ඒ චමින්ද ගුණරත්න නම් වු එම පුද්ගලයා තම ඉඩමට රුපියල් ලක්ෂ නවයක අලාභයක් සිදු කළ බව පැමිණිල්ලේ සදහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්තම අක්කර පහයි ගස් 165 කියන්නේ අක්කරයක තරම් ගස් ගණනක්. තේක්ක ගසුත් 24ක් හොරා කරලා තියෙන්නේ පොඩි වැඩක් නොවෙයි (දී)
මෙච්චර දෙයක් කරනකල් අයිතිකරු මොනාද කලේ. (ස)
ගස් කපන පරණ කොට්ටෝරුවෝ මිය ගිහින් ... අලුත් කොට්ටෝරුවන්ට චෙන්සෝ එකකින් ගස් කපන්න ගතවන්නේ සුළු කාලයක් ! ඕවත් වැඩද ? (ස)
සුනාමිට ගහගෙන ආපු බඩු විකුනපු මිනිස්සුත් ඉන්නවා (දී)
දවසක් ඇතුලත මෙච්චර ගස් ගානක් තනි මිනිහෙක්ට කපන්න බැ එක්කෝ මේක බැකෝ කරන්න ඕනේ. මෙතන පුද්ගලික පලි ගැනීමක් වගේ පෙන්නේ. (දී)
මේක නම් හොඳින් සැළසුම් කර සිදුකළ ක්‍රියාවක් වගෙයි. (නි)
බොර දියේ මාළු බාපු කොලුවා . (දී)
ඉඩම අයිතිකරුට ලක්ෂ 18 වත් ලැබුනොත් හොඳයි (දී)
පරිසරයට කල හානියට ජීවිතාන්තය දක්වා හිරේ දැම්ම නම් හොදයි.(දී)
ඒ වත්තේම ගස් බැඳලා රජකාලේ දඩුවම් දෙන්න වටින්නේ. (නදී)