
(කේ බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා අද (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.
එයින් උණ්ඩ තුනක් ඒ මහතාගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සදහන් වේ.
හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවලා හේතුවෙන් සිදු වූ මරණයටක් බවටද හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙන්ම ගහලා දානවා කියන්නේ මේකටයි….
ගෑණු පච්චා නම වෙනස්කො කරලා වෙනත් භාෂාවකින් නම ආදේශ කලාට කොටන්නේ පච්චා,ඉස්සර වගේම දැනුත් එයට ලෝකේ පිලිගැනීමක් නැත
ඔය වෙඩි නොවදින සූර නූල් අරවා මේවා නිකන් බොරු මිත්‍යා විශ්වාස බව මෝඩයින් තේරුම් ගත යුතුයි