බලපිටිය මිහිඳු පෙරහරේ අලියකු කුලප්පු වන්නට ගිය නමුත් අලියා පෙරෙහරින් ඉවත් කැර විලංගු දැමීමට ඇත් ගොව්වා සමත් විය.
පිරිසක් ද කලබල වු නමුත් කිසිවකුටත් අනතුරක් සිදු වුයේ නැත.පෙරහර සිරිත් පරිදි වීදී සංචාරය කළේය.
27 වැනි වරටත් පැවැති මෙම පෙරහර අමරසිංහාරාමයේ සිට බලපිටිය වෙළදපොළ ඉදිරිපිටින් ගමන් කරද්දී මේ කලබලය ඇති විය.
බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති දයාරත්න ද සිල්වා මහතා පිරුවානා පොත් වහන්සේ ද මහා සංඝරත්නය සධාතුක කරඩුව ද හස්තියා පිට තැන්පත් කරවීමෙන් පසු පෙරහර වීදී සංචාරය ඇරැඹිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැතුම් මල්ලි ගස් බඳින කතාවක් කියන නිසා මට නිකමට හිතුනා කොලුවා කැලණිය පැත්තේ වෙන්න ඇති කියලා (නදී)
මේ සතාට හිරි හැර කර කර වේදනාකාරී විලංගු දාල පෙරහැරක ගෙන යාම බෞද්ධ දර්මයට එකඟද ? දන්නේ නැති හින්දයි අහන්නේ. (නදී)
හොඳ වෙලාවට ඇත ගොව්වා සිහියෙන් හිටියේ (දී)
පුරාණ චාරිත්‍ර නිසා තමයි අපේ සිංහල බෞද්ධ බව රැකිලා තියෙන්නේ. අලි නැතුව පෙරහැරවල් වල දැන් නවීන යුගය කියල රෝබෝලව ගෙනෙයන්නද. (නදී)
බටුවත්ත හිතන්නේ යු එන් පී අලි වගේ කියල ද ඇත්ත අලිත් (නදී)
පුෂ්පා, හිතෙන්නේ නැද්ද ප්‍රකාශය බරපතලයි කියලා?මේක ගැන නුවණින් සිතා බැලුවොත් වැටහේවි. සත්ත්ව හිංසනය එක මාතෘකාවක්. පුරාණ චාරිත්‍ර විධික්‍රම හාත්පසින්ම වෙනස් මාතෘකාවක්. පටලවා ගත්තොත් ප්‍රශ්නාවලියක් වේවි. (නි)
අලියා කුලප්පු වෙන්නේ නැතුව තියෙයිද? බලන්නකෝ, අන්දලා තියෙන්නේ ඇස් වහලනේ (නි)
මේ සතා ගැටගසා ඇති විදිය දුටුවහම දුකත් හිතෙනවා (නි)
අනේ පවු නේන්නම් කුලප්පුවා! (නි)
සමහර මිනිස්සු කුලප්පු වෙනවා මදිවට දැන් අලිත් කුලප්පු වෙන්න පටන් අරගෙන. ඔය කවුරු කවුරුත් කුලප්පු වෙන ඒව දිහා බලල අපිත් කලබල වෙන්න ගියොත් එහෙම, කොහෙන් නතර වෙන්න වෙයිද කියල කියන්න බැහැ. ඔය වගේ කුලප්පු වෙන අය දිහා අපි ඉවසීමෙන් බලාගෙන ඉඳිමු. (දී)
අනේ අහිංසක සත්තු.... (දී)
අලි ප්‍රශ්නයක් වගෙයි (නි)
මීට පස්සේ පෙරහැරවල්වල අලියට අදින්න පුෂ්පටයි අමිලටයි ආරාධනා කරන්න. එතකොට කළු ලෝගුව දාල පුළුන් පුරෝපු හොඩයයි වල්ගෙයි වන වන නිලෙමව කරතියන් යයි. (දී)
ඔය අලියාගේ දන්වැල ගැන කථාකරන අවිහින්සාවදියෝ සතියකට කුකුල්මස් කිලෝ කීයක් කනවද දන්නේ නෑ. එතැනදී අවිහින්සාව අමතකයි. බහුභූත. කියන්න දෙයක් නැතිවට කියනවා. (දී)
බලපිටියනේ ද ? වැලිමිටෙන් අදින්න ඇති. (දී)
ලංකාවෙන් අලි ළඟදීම වදවෙලා යනු ඇත. දැනටමත් ඉන්නේ එක් දහස් ගානයි. මේ මහාර්ඝ සම්පන්න සත්වයා මරා දමා ඌව ආරක්ෂා කර ගන්න බැරි ශ්‍රී ලංකාවට අලි සම්පත නොදිය යුතුය යන්න මගේ ගෞරවනීය මතයයි (දී)
අලි පෙරහරේ ගෙනියන්න එපා කියන කට්ටියව අල්ලලා බැඳලා හොඳ වලකුයි වලිගේකුයි සවි කරලා මෙයාලව ගෙනියමු පෙරහරේ එහෙනම් ! මොනවා උනත් අවදානයෙන් අලියව බලාගත්ත සහ තැනට සුදුසු විදියට කටයුතු කරමින් අලියව බැඳලා දාපු ඇත්ගොවුවට මගේ ප්‍රණාමය ! (අ)
පුරාන චාරිත්‍ර වාරිත්‍ර රැකගත යුතුයි. නමුත් එහෙම කියලා කැලෑවේ ජීවත් වන තිරිසන් සතුන් ඉතාම දරුණු වදහිංසා මගින් හීලෑ කර ඊට පසු ඔව්න්ව පෙරහරේ රැගෙන යාමෙන් කරන්නේ පිනක්ද පවක්ද කියලා තේරුම් ගත යුතුයි. (දී)
වනන්තරේ ඉන්න ඕන කෙනෙක්ව බලෙන් මනුස්ස වාසයට ගෙනාවා මදිවට විලංගු දමා බැඳ දැමීමත් සාධාරණිකරණය කරන්ට බැහැ. (අ)
අපිට වගේම සතුන්ටත් ඔවුන්ගේ නිදහස බුක්ති විඳීමට අයිතියක් ඇත. සතුන් අහිංසකය. ඔවුන්ට නිදහස අහිමි කිරීමෙන් ඔවුන් දරුණු වේ (නි)
කොහොමත් ඉතින් අද රටේ හැමදාම කවුරුහරි කුලප්පු වුණ ගමන්මයි ඉන්නේ. අලියාට හිතෙන්න ඇති මම විතරක් නිකම් ඉන්නේ මොකද කියලා. (නි)
පවු අහිංසක සත්තු! (නි)
මේවා අවබෝධ වෙන්න තාම චාමර වයසින් අඩු වගෙයි පෙනෙන්නේ. (නි)
රියාද් වල ඉන්න සුනිල් මහත්තයා මස් වලට ගිජු කෙනෙක් වගෙයි. (නි)
මේ සතුන්ව මෙවන් කටයුතු වලට යොදා නොගෙන ඉන්න පුලුවන් නම් හොඳයි (නි)
අනේ පවු කුලප්පුවා! (නි)
පවු! මේ අහිංසක සතා යදමින් බැඳලා තිබෙන හැටි (නි)
කුලප්පු අලියා යදමින් බඳින්නේ නැතිව මොකද කරන්නේ. නැතිව මිනිස්සු මරන්න ඉඩ දෙන්නද (අ)
මට හිතෙනවා චාමරවත් ගස් බඳින්න (අ)
ඇත්තටම පෙරහැරවල අලි ගෙනයන්න කලින් යම් ප්‍රමිතියක් තිබිය යුතුයි. මොකද අපේ සංස්කෘතිය රැක ගන්න ගමන් නිර්මල බුදු දහමේ එක සංකේතයක් වන අහින්සකත්වයට ඉඩ දිය යුතුයි. මද කිපුණ අලියෙක්ව කෘර ලෙස බැඳගෙන පෙරහරේ ගෙන යාම කොහෙත්ම සුදුසු නැහැ. එයාව කොහේහරි ගාල්කර තැබිය යුතුයි. මම දැක්ක වල්පොල පොසොන් පෙරහරේ ( ගිය 11 වැනිදා ) මද කිපුණ අලියෙක්ව ඉතා කුරිරු විදියට බැඳගෙන පෙරහරේ ගෙනියනවා. එයට කකුල්දෙක අඩියක්වත් තියන්න බැහැ. ඒක දැකපු හැමෝම අලි අයිතිකරයින්ටත් පෙරහැර සංවිධයකයින්ටත් දොසාරෝපනය කළා. ඇත්තටම මද කිපුණ සතෙක්ව ඒ අවස්ථාවේ පෙරහරේ ගෙනයාම කොහෙත්ම සුදුසු නැහැ. ඒක අපේ නිර්මල බුදු දහමටත් පටහැනියි. පාරිලේයිය ඇතා බුදුන් වහන්සේට ඇප උපස්ථාන කරලා තියෙන හැටි බුද්ධාගමේ අය අහල ඇතිනේ.වල්පොල පෙරහරේ අර මම කිව්වා විදියට ගෙනිච්ච එක අලියෙක් මෙයා වගේ ගොඩක් උසයි. (දී)
මට හිතෙනවා පැතුම්ව කුලප්පු අලියා ඉස්සරහට යවල බලන්න මොකද වෙන්නේ කියල.(අ)
ඇත්තටම මේ පෙරහැරවල් වල අලි ඇත්තු ගෙනයන්න ඕනමද? මේක පුරාණ චාරිත්‍රයක් තමයි. නමුත් අහිංසක අලි ඇතුන් ගැන හිතලවත් මේ පුරුද්ද ටිකක ලිහිල් කරන්න බැරිද ? පුරාණ චාරිත්‍ර කොයිතරම් දැන් වෙනස් වෙලා තියෙනවද? (අ)
සත්තු කියන්නේ අහිංසක ජාතියක් අපි ආදරෙන් රැකබලා ගන්න ඕනේ (දී)
කනගාටුදයකි .සතුන් බලාගන්න අයගේ වැරදි තමා (අ)
සුසන්ත මේවා වල් සංස්කෘති විසිකරලා දාල හොඳ එකක් ගැන හිතන්න කාලේ හරි ලංකාවේ වෙන්නේ ඔක්කොම සත පහකට කාටවත් ප්‍රයෝජනයක් නැති වැඩ (දී)
සත්තු ගැන මිට වඩා හිතමු (දී)
අපි අලින්ව රැකබලා ගනිමු (දී)
අලින්ට මාංචු දාල පෙරහරවල් ප්‍රදර්ශනයට ගෙනියන් එකට විරුදවෙමු සතකුට හිරිහැර කරන එක හොඳ නෑ
කුසුම් අලි කුලප්පු වෙන බව දැනගත්ත පලවෙනි වතාව වගෙයි. (දී)
පව් මේ සද්දන්තයව මේ වීදීහට මාංඡු දාලා හිරිහැර කරන එක. කැලේ සත්තු ඉන්න ඕනි කැලේ (නදී)
ඒ අහිංසක සතා පව් (දී)
පුෂ්ප , කොහෙද අලි අහිංසක? කොච්චර අහිංසක මිනිස්සු මුන් මරල තියෙනෙවද? මම එක දවසක් දැක්කා ලංකාවේ ලිදකට වැටිච්ච අලියෙක්ව මිනිස්සු ගොඩගන්නවා. ඊට පස්සේ ඒ අලියා ළඟ හිටපු මිනිහෙක්ව මරනවා. (නදී)
අමිල සතුන්ට හිරිහැර කරන එකට විරුද්දයි. එතාකොට මිනිස්සුන්ට හිරිහැර කරන එක හොදද ? (නදී)
බටුවත්ත, එයා කවුරුත් බැඳලා නෙමෙයි. එයාම දම්වැලක් අරගෙන බැඳගෙන. (නදී)
අලි ඇතුන්ට හිංසා කිරීම හොඳ නැහැ නේද? (නදී)