කල්පිටිය අර්ධද්වීපයේ අවිධිමත් විදුලි කප්පාදුවක් සිදුකරතියි කල්පිටිය නගරයේ වෙළද සේවා සංගමය අද (3) කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
කල්පිටිය අර්ධද්දීපයේ අලුයම හයේ සිට පස්වරු හතයි තිහ පමණ දක්වා සතියකට දින තුනක් හෝ හතරක් වශයෙන් සිදු කරන විදුලි විසන්ධිය නිසා කල්පිටිය තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
පුත්තලම ‘ලක් දනවි‘ ඩීසල් බලාගාරය මේ වන විට නවතා දමා ඇති අතර ඊට අයත් බර යන්ත්‍රෝපකරණ එම බලාගාරය පිහිටි පුත්තලම කල් අඩියේ සිට කල්පිටිය ජැටිය දක්වා ප්‍රවාහනය කෙරෙනුයේ පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේය. කල්පිටිය ජැටියේ නවතා ඇති විශාල බත්තල් මගින් මේවා කොළඹට ප්‍රවාහනය කෙරෙන අතර එම ප්‍රවාහනයන් කෙරෙන දිනවලට ආරක්ෂක හේතුමත,ඒවා ගමන් ගන්නා මාර්ගයන්හී විදුලිය විසන්ධි කිරීමට සිදුව ඇති බවත් ඒ සඳහා විදුලි බල මණ්ඩලයේ සහාය ලබාගෙන ඇති බවත් ලක් දනවි බලාගාරයේ උපකරණ ප්‍රවාහනය භාර ආයතනයේ නිළධාරියෙක් කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd