
(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් ලක්ෂ 25 කට ආසන්න බීඩි කොළ තොගයක් නඩු භාණ්ඩ වශයෙන් රේගුවට බාර දීම සඳහා ලොරි රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාලු ඉඩමකදී එම බීඩි කොළ තොගය පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටි බව කියන කල්පිටිය පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති සහ ලොරි රථයේ රියදුරු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය පොලිසි ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ 58 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ලොරි රථ යේ රියදුරු වශයෙන් කටයුතු කළ කල්පිටිය අම්මාන්තෝට්ටන් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කිලෝ 620 ක් අඩංගු මිටි 20 ක් සහ කහ කිලෝ 1276 ක් අඩංගු මිටි 40 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී කල්පිටිය පොලිසිය විසින් ඉකුත් 20 දින අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ කල්පිටිය පොලිසි ස්ථානය රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී ඇත.
අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්ට භාරදීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව, කට්ටුව ප්‍රදේශයේ පාළු ඉඩමක නවත්වා නඩු භාණ්ඩ වශයෙන් රැගෙන යමින් තිබූ බීඩි කොළ කිලෝ 620ක තොගය වෑන් රථයකට පටවමින් ඒ වෙනුවට පරිභෝජනයට ගත නොහැකි කසල බීඩි කොළවලට මාරු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කල්පිටිය රථවාහන OIC අත්අඩංගුවට
Bunny Preena Tuesday, 22 October 2024 09:15 AM
හොරු අල්ලන්නයි, වළක්වන්නයි කියලා දිවුරුම් දීලා ඉන්න කට්ටියම මෙහෙම කරනවා නම් අනෙත් අය ගැන මොන කතාද?
ranjan Tuesday, 22 October 2024 10:44 AM
අනේ මෙහෙමත් පොලිසියක්.
don Tuesday, 22 October 2024 12:05 PM
පට්ට පොලිස් කාරයෙක් නේ... අවුරුදු 38 ක සේවය කාලයේ මොනවා කරන්න ඇති ද මෙයා
Arush Wednesday, 23 October 2024 09:23 AM
රටටම දැනෙන්න නීතිය ඉටුකරන්න හොද අවස්තාවක් .. බලධාරීන් ට ඩෑෂ් එකක් ගහන්න බෝලෙ පාස් එක හොදටම සෙට් වෙලා තියෙන්නේ . ගහන හැටි කොහොමද කියලා ජනතාව බලාගෙන ඉන්නෙ ..AKD සහෝගෙ වැඩ ..
Arush Wednesday, 23 October 2024 09:26 AM
Pass කීයක් ආවත් තාම dash එකක් වත් ගැහව්වෙ නෑනෙ...Bro..AKD ඔයා කොහෙද ?