පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරයේ සිටියදී වනජීවි බාරයට ගත් හාමු අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවනේ සිටියදී අතුරුදහන්ව ඇතැයි උඩවල සත්වෝද්‍යාන පාලක ඩබ්ලිව් සිරිපාල මහතා පොලිසිය පැමිණිලි කර ඇත. තවත් අලි පැටවුන් 42 සමග සිටි හාමු අලිපැටවාට අද පෙරවරුවේ අහාර දීමට සොයද්දි නොසිටි බව මෙ පැමිණිල්ලේ සඳහන් වේ. හාමු සෙයා මේ වන විට උඩවලව සත්වෝද්‍යානයේ මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි පැත්ත රජ වුණත් බලවතුන් ගැන කියලා වැඩක් නැහැ.මේ තත්වය නැති කරන්න නම් කරන්න ඕනෑ ලංකාවේ දළදා මාලිගාවේ හැර කිසිම පුද්ගලයෙකුට, පන්සලකට, මැති ඇමතියෙකුට, කිසිම කිසි මිනිහෙකුට ශ්‍රී ලංකාවේ අලි තබාගැනීම සපුරා තහනම් කිරීම පමණි. කා ළඟ හෝ අලියෙකු සිටී නම් ඔහුගේ දේපල අඩක් රාජසන්තක කළයුතුයි.නීතිය අකුරටම සිදුවෙන්න ඕනෑ. මේවා එක සතියෙන් නවතිනවා (නි)
හිටියේ කකුල් දෙකටම විලංගු දාලා හෙල්ලෙන්න වත් බැරි විදියට, දැක්කාම දුක හිතෙනවා. (අ)
අලි අතුරුදහන්වෙන රටේ මිනිස්සු අතුරුදහන්වෙන එක පුදුමයක්ද? (නි)
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න නායකයන්ගේ කොන්ද පන නැහැ .(නදී)
බණත් අලි සෙල්ලනුත් නිසා මේකා රහත් වුනාද මන්ද ? (නදී)
ඉදිකටුවක්ද පැටියෙක් වුණත් අලියෙක් නේද? වැඩ කරන අයගේ උදව් ඇතිව කරලා තියන්නේ (අ)
බුදුඅම්මෝ.. දැන් අලිත් "ගල්" වෙනවද? (නදී)
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති ඒ කාලේ - කැලේ සිටින්නට පින් මදිවෙන්නැති හාමුට මේකාලේ (නදී)