
(අංජුල මහික වීරරත්න)
වැසි හා සුළි සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ ආපදාවන්ට ලක්ව ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද එහි ගියේය.
මෙම සිදුවීම් පිළිබඳ වාර්තා වූ මොහොතේ ම ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යුද හමුදාවේ සහාය ලබාගනිමින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණු බව අමාත්‍යාංශය කියයි.
වර්ෂාව සහ සුළං හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශයේ නිවාස හා දේපළවලට අලාභ හානි සිදුව තිබේ.
මීතොටමුල්ල 55 වත්ත, මීතොටමුල්ල CGR ප්‍රදේශය, මීතොටමුල්ල සිල්වර් මාවත, සේදවත්ත කළු පාලම අසල ප්‍රදේශය, වෙහෙර ගොඩැල්ල, වැල්ලම්පිටිය පරම ධර්මෝදය විහාරය, ගොතටුව ග්‍රාම සේවා වසමේ නින්දහේන ප්‍රදේශය, බටලන්දහේන ග්‍රාම සේවා වසමේ මාණිගමුල්ල, බටලන්දහේන ග්‍රාම සේවා වසමේ ආඩිහේන තුන්වන පටුමග යන ප්‍රදේශ නියෝජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කළ අතර, ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබා ගනිමින් ආපදාවන්ට ලක්ව ඇති පිරිසට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කළේය.


2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොලොන්නාවේ වැසි සුළං ආපදාවලට කඩිනම් සහන