
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන මීපාගම පාසල් ශිෂ්‍යාවක් කලාන්තය සෑදී බිම ඇද වැටීමෙන් අද (06) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .
මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි .
ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි.
රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දියණියනි ඔබට නිවන්සුව ලැබේවා. "
දැන් රුපියල ශක්තිමත් වීම නිසා, බඩුමිල විශාල ලෙස අඩුවීම හේතු කොටගෙන අධික ලෙස ආහාර ගැනීම නිසා ඇතිවන අධි පෝෂණ තත්වය නිසා මෙසේ වුවා විය නොහැකිද..? මේ රටේ වැඩිහිටියන්ගේ හපන්කම් නිසා තමයි දරු පරපුර මැරී විනාශ වෙන්නේ... මොනවා වුණත් දැන් රටක් තියනවානේ... අනික වඳ කොත්තු හා හලාල් කෑම කාලා ජීවත් වෙනවාට වඩා හොඳයි මැරෙන එක..
බාගෙට බාගයක්ම දරුවන් කුසගින්නේ යන්නේ, සමහර දරුවන්ට රෑත් කුසගින්නේ උදේට යනවා. දරුවන් සමග පෞද්ගලිකව කතාකරලා බලන්න...
හොඳයි භද්‍රානි...!
භද්‍රානි කියන කතාව ඇත්ත. මේක දියුණු රටක් වුණා නම් මිනිස්සු මෙහෙම කියන්නේ නෑ. ඒත් රටක ආර්ථිකයක්, සමාජ සුබ සාධනයක් ගැන නොසිතන... තමන්ගේ බඩගැන විතරක් හිතන දේශපාලකයෝ සහ ඉහළ නිලධාරීන් සිටින ලංකාවේ අපිට හිතෙන්නේ එහෙම තමයි. නිවන් සුව පතන්න ඕනේ ඒ දරුවට. එහෙම නැතිනම් පාස්කු ප්‍රහාරය, යුද්ධය, බැංකු මංකොල්ලය වැනි ඔක්කොම කර්මයේ ගිණුමට දාලා ඉන්නත් පුළුවන්...!
අධික පෑවිල්ල සමග පාසල්වල ක්‍රීඩා තරග පවත්වන කාලය උදාවෙලා තියෙනවා. සෞඛ්‍ය අංශවලින් නිතරම කියන්නේ දරුවො මේ දිනවල අව්වට යවන්න එපා කියලා, එහෙම කාලයේ කුසගින්නේ සිටි දරුවෙක් අව්වට ගියාම ඔහොම වෙන්න පුළුවන්.., ඉතින් එහෙම දෙයක් වුණාද? නැත්නම් වෙනත් හේතුවක් මත මරණය වුණාද?