(සිතුම් චතුරංග,රොමේෂ් මධුෂංක)
කිලිනොච්චි පලෙයි පොලිසිය බල ප්‍රදේශයේ බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56 ගිනි අවියක කොටස් හමුවී තිබේ.
පොලිස් විශේෂකාර්ය බළකායේ සහ පොලිසිය මේ වන විට සෝදිසි මෙහෙයුම් අරඹා ඇති අතර මෙය කිසිවෙකුගේ කඩාකප්පල් ක්‍රියාවක් බව සැක කරයි .
වෙඩි ප‍්‍රහාර හේතුවෙන් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට හෝ පොලිස් ජංගම රථයට කිසිදු හානියක් සිදු නොවී ඇති බවත් එම ස්ථානයට ආසන්නයේ තිබූ දුම්රිය ආලෝක සංඥා කිහිපයකට වෙඩි ප‍්‍රහාර එල්ලවී තිබූ බව පොලිසිය පවසති.
බ්‍රහස්පතින්දා (18) ත‍්‍රස්තවාදය අවසන් කළ හා එල්.ටි.ටි.ඊ නායකයා මියගිය දිනය හේතුවෙන් කිසියම් පුද්ගලයකු කඩාකප්පල් කාරි ක‍්‍රියාවක් සිදුකිරීම සඳහා මෙලෙස වෙඩි ප්රහාර එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරති.
අදාල ස්ථානය අවට මේ වන විට කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .එම්.ආර්. මහේෂ් වැලිකන්න මහතාගේ උපදෙස් මත යුදහමුදාව , පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවටගෙන නොමැති අතර කිලිනොච්චිය පොලිසිය හා පලෙයි පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශණ සිදුකරති. පලෙයි ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කර ඇත.
සොයා ගත් උපකරණ ඔස්සේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් තවමත් කිසිදු තොරතුරක් සොයා ගෙන නැති බව පවසයි.






(ජායාරූප - සිතුම් චතුරංග)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබේ වදින්න ඇති.
විද්දේ හාවට,,, වැදුනේ පඳුරට කීවලු.. කිලිනොච්චියේදී දුම්රිය ආලෝක සංඥාවකට වෙඩි කියලා තමයි කියන්න වෙන්නේ
වෙනස...
මුකුත් ලියලා සහජීවනයට අව්ලක් වෙයිද මන්ද...
හෙට අනිද්දට බෝම්බ පුපුරනකොට තේරෙයි.
ඉතින් කොහොමද හමුදාව අඩුකරන්නේ. හමුදාවට නවීන ආයුධ ගනිමු. හමුදාවට තව බදවා ගනිමු.
දැන් නිදා ගත්ත ඇතැමුන්ට දැන්වත් ඇහැරුනොත් හොඳයි
එහේ කටිටියයි මෙහේ සහජීවන කටිටියයි කියයි, මේක හමුදාව උතුරේ තියාගන්න කරපු බොරුවක් කියලා.
මට කියන්න ඕන දේ අන්තිම ඡායාරුපයේ ඉන්න සෙබලාගේ මුහුණේ ලියවිලා තියනවා. සෙබළුනි ඔබලාට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා...!
සහජීවනය තමා ඉතින්....
අපි අද මෙහෙම ප්‍රතිචාර දක්වන්න තරම් ජීවිතයක් ලබා දුන් වීරෝදාර රණවිරුවන් ජාතියට ලබා දුන් යුද ජයග්‍රහණයට ඊයේට අවුරුදු 8.. කීයෙන් කී දෙනාටද ඒ ගැන මතකයක් තිබ්බේ.. එහෙම දවසක තමයි ඒ වෙනුවෙන් වෙඩි ප්රහාර එල්ල කරලා කලගුණ සලකන්නේ.. නිවට පාලකයන්ගෙන් මෙයයි ඔබ මා ලැබූ අපමණ අගය සහ වෙනස.. අනේ මගේ රටට දළදා සමිඳු පිහිටයි..
පුලුවන්නම් අර 2015 ජනවාරි 8 ඉස්සෙල්ලා කියපු ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාතාලේ මර්ධනේ කරලා පෙන්නන්නකෝ. දේශපාලකයින්ට බලපෑම් කරන්න බැරි තත්වෙට, පොලිසියට බලය දෙනතුරු හෝ එවැනි නිලදාරියෙක් පත් කරන තුරු මේක මේ විදියට තමයි. ගෝටා සාර්ථක වුනේ ඒකයි
සෙබළුනි නැවත රට යන මග ගැන සෙවිල්ලෙන් ඉන්න අපට ඇත්තේ ඔබේ ආරක්ෂාව පමණි
ත්‍රස්තවාදීන් සොයා විනාශ කිරීම සංහිදියාවට බාධාවක් නොවේ
කස පුපුරනවා.. පෙරහැර ළඟ ළඟ එනවා.!!!
ඉල්ලන් කන්න වගේ
මතු සම්බන්දයි .....!!
සහජිවිනේ සිංහලයගෙන් විතරයි ,දෙමල අයගේ අරමුණ තමයි රට කඩන එක.
මෙහෙම නිවටකමට ආණ්ඩුව වැඩ කලොත් එන වසරේ මිට වැඩිය යමක් බලාපොරොත්තු වෙමු.
කව්රු කව්රුත් මේ යහපාලනයට උදව් වුනා. දැන් කරන්න දෙයක් නෑ.
මේකට හේතුව රනිල් මහත්තයාගේ ශ්‍රී ලංකාව කොළඹ පමණක් වීමයි...
ගිනිඅවි භාවිතය රජයේ ආරක්ෂක අංශයට විතරක් නීති ගෙන්නලා දෙන්න. අනෙකුත් අංශ ගිනි අවි ළඟ තබාගැනීම තහනම් කරල දෙන්න. මිනිසුන්ට නිදහසේ පාරේ බැහැල යන්න පුළුවන් ක්‍රමයක් ඕනේ.