කිලිනොචිචිය, උරුදිපුරම්, එළුක්කාඩු ප‍්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් ඉරිදා සිට අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කිලිනොචිචිය පොලිසිය කියයි.
උදයකුමාර් යර්සිකා නමැති තුන් හැවිරිදි දැරියක් එලෙස අතුරුදහන්ව ඇති අතර අදාළ දැරිය මව සමග නිවසට ඔබ්බෙන් වු ඇළක දිය නෑමට ගොස් ඇති අතර, දැරිය නෑවීමෙන් අනතුරුව අසල්වාසියකු සමඟ දැරිය නිවස වෙත පිටත්කොට යවා ඇති අතර තමන් දිය නා නැවත නිවසට පැමිණයද දැරිය නිවසේ නොසිටි බව ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
දැරිය නිවසට රැගෙන පැමිණි අසල්වාසි පුද්ගලයා ඇතුළු පුද්ගලයින් පස් දෙනකුගෙන් ප‍්‍රශ්න කොට ඇති බවද කිලිනොච්චි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන් හා වැඩිහිටියන් තම දරුවන් පිළිබදව මීට වඩා සැලකිලිමත් විය යුතුයි. අද කාලයේ තමන්ගේ තාත්තාවත් විශ්වාස නැති කාලයක් බැවින් විශේෂයෙන් අම්මලා දරුවන් ගැන අවධානයෙන් ඉන්න ඕන. මගතොටේ යන විට, නිවසේ තනියෙන් සිටින විට, බස් රථයේ යන විට, තම කාමරයේ නිදාගන්න විට, තවත් කවුරුන් හෝ සමග දරුවන් යවන විට, බස් නැවතුමේ ඉන්න විට තම සහොදරයන් හා බීමත්කමට යොමුවූ තාත්තලා සිටින අය, යනාදී වශයෙන් කරුනු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. අද කාලයේ ළමයින්ට අනතුරකින් බේරීමට තරම් දැනුමක් නැති බව පෙනනව. පසුගිය දිනක තරුණියක් අපරාධ කාරයකුගේ දිවක් සපාකා තිබන පුවතක් තිබුනා. ඇත්තටම කාන්තාවන් එසේ ශක්තිමත් විය යුතුය. නිවසේ තනියෙන් සිටින විට පිටස්තරයකු පැමිණියහොත් දරුවාගෙන් කවුද ගෙදර ඉන්නේ යයි ඇසුව හොත් දරුවා පිළිතුරු දීමට නොදනී. ඇත්තටම ළමයින්ට උගන්නන්න ඕන එවැනි වෙලාවක අම්මා තාත්තා පල්ලහා ඉන්නවා ඉන්න මම කතාකරන්නම් කීමටවත්. එසේම සමාජයේ සිටින මිනිසුන් ගොඩක් මානසික මට්ටමින් පිරිහුන අය තමා ඉන්නේ. එවැනි අය යමක් කිරීමට පෙර දෙපාරක් තුන් හතර වතාවක් හිතන්නේ නැහැ . අපරාදකාරයොත් දැන ගන්න ඕන යම් අපරාදයක් කලහොත් දිට්ට ධම්මවේදණීය කර්ම පල විපාකය එවේලම ලැබන බව . අනිවාර්යෙන්ම පසු තැවීමට පත්වන්න වෙනවා වෙනවා මයි......ධර්මයට අනුව හැඩ ගැසෙන්න සැමට ශක්තිය ලැබේවා. (ස)
ආරියසේන ඔබගේ කතාව හරි. අපේ මිනිස්සුන්ගේ සමාජීය සංවර්ධනයක් සිදුකල යුතුයි රටේ සංවර්දනය වගේම. (ර)
දැන් සමහර මෝඩයින් එයි 'උතුරේ හමුදාව අඩු කිරීමේ විපාක' කියාගෙන. සිවිල් ආරක්ෂාව භාරව ඉන්නේ හමුදාව නෙමේ පොලිසියයි. . දකුනේ සාරුවා සුනිල් දැරියන් 100 දූෂනය කර වෙලාවෙත් දකුනට හමුදා ආරක්ෂාව දැම්මද? වහාම උතුරේ හමුදාව අල්ලාගෙන ඉන්නා ඉඩම් ඒ මිනිස්සුන්ට ලබාදෙන්න. (නදී)
ආරියසේන මහාතාණෙනි, ඔබගේ හරවත් ලිපි මා ඉතාමත් ආශාවෙන් කියවමි.ඔබතුමා කාරුණික ගුරු පියතුමෙකුට සමානයි.ඉදිරියටත් ඔබගේ අගනා දැනුමෙන් සියල්ලන්ම දැනුවත් කළ මැනවි. (නි)
ආරියසේන මහතාගේ අදහස් අච්චු ගහල ලංකාවේ හැම කාන්තාවක් අතටම දෙන්න ඕන . හැබැයි අන්තිම ඡේදය එක්කනම් මම එකඟ වෙන්නේ නැහැ . අපරාදකාරයා පසු තැවෙනවා කියන එක . මම හිතන්නේ අපරාදකාරයන්ට උපරිම දඩුවම් දිය යුතුයි. මේ දේ කලොත් මේ දඬුවම දෙනවා කියල ප්‍රසිද්ද කල යුතුයි . දඬුවම , නඩුකාරයාගෙන් නඩුකාරයට නොවෙනස් විය යුතුයි. පළාතෙන් පළාතට නොවෙනස් වෙන්න ඕන. ලංකාවටම එක නීතියක් විය යුතුයි. (ස)