(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී සහ යාපනය කයිට්ස් සහකාර පොලිස් අධිකාරීගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනමාධ්‍ය පෙන්වා දුන් කරුණු අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
පොලිප්තිවරයාගේ නියමයෙන් වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා එම විමර්ශනය කරන බව ද ජයකොඩි මහතා කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එලෙස කීවේ පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. කිලිනොච්චිය ‘සහකාර පොලිස් අධිකාරී එක‘ ලෙස කටයුතු කරන පොලිස් නිලධාරියා සහ යාපනය සහකාර පොලිස් අධිකාරී 3 ලෙස කටයුතු කරන කයිට්ස් භාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගෙන තිබෙන පියවර කුමක්දැයි මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පොලිස් කොමිසම පරීක්ෂණයක් කරන්නේ නැත්තේ? නැත්නම් මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්නේ..