කිලිනොච්චිය පලෙයි උඩුත්තුරෙයි ගම්මානයේ පුස්තකාලය අද උදෑසන පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

ගින්නෙන් පුස්තකාලයේ තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් පොත් හා උපකණ විනාශ වී ඇතැයි  පුස්තකාලය බාරව කටයුතු කළ සිවරාසා ක්‍රිශාන්තන් මහතා පොලිසියට පැමිණිලි කර ඇත.

පුස්තකාල ගොඩනැගිල්ලේ වහළයට පොල්අතු හෙවිළි කර තිබූ නිසා ගින්න පැතිරෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.