කිලිනොච්චියේ, එළුක්කාඩුහිදී පසුගිය 21 වැනිදා අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය සොයා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ සෙබලූන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති බවත් එහෙත් මෙතෙක් දැරිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නැති බවත් පොලිසිය පවසයි.
උදයකුමාර් යර්සිකා නමැති දැරිය මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇගේ මව සමග දිය නෑමට ගොස් සිටියදීය. අසල්වැසියකු සමග දැරිය නිවස වෙත පිටත් කිරීමෙන් පසු ඇය අතුරුදන්ව ඇති බවත් කියති.
ගම්වාසීහු හා පොලිසිය කිලිනොච්චි උරුදිපුරම්හි පාලු ඉඩම්, නිවාස මෙන්ම ඇල මාර්ග හා වැව් ආදිය පීරමින් දැරිය සෙවීමේ මෙහෙයුමක නිරතවී සිටිති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසල්වැසියා මොකද කියන්නේ.නැත්තම් එයත් අතුරුදහන්ද ? (බ)
පොඩි එකාට කිසිඳු අනතුරක් නොවී යලි හමුවේවා ! (ර)
හොයලා දුන්නොත් පිංසිද්ධ වෙනවා. (ර)
අසල් වාසියත් අතුරුදහන්ද. පොලිසිය මෙයාලගෙන් ප්‍රශ්න කරන්න බය ඇති සමහරවිට (ම)
ළමය හොයල දෙන්න උදව් කරලා මවක් පියෙක් සනසමු දුක නිවමු පිං සිද්ධ වෙනවා (ම)
දරු පටියා ජීවත්ව සිටීවා..! වටේ ඇති ලැට් වලවල් ටිකත් සෝදිසි කරන්න අමතක කරන්න එපා...? (ම)
මහින්ද උතුමා නැති වෙන කොට හැටි දැක්කද? (ර)
ඔන්න දැක්කද පිවිතුරු යහපාලගේ හැටි. එකටත් පළි දේශපාලනේ. (ර)
මේ දරුවා නිරුපද්‍රිතව සොයාගැනීමට ලැබේවා! (නි)
අසැල් වැසියා අතුරුදහන්ද ? (නදී)
මේ පිවිතුරු යහපාල නම් පිස්සෙක්. ඕනේ මගුලකට මහින්දව අල්ලගන අදහස් දානවා. වෙන රටවල් වලත් මිනිස්සු හැමදේටම දේශපාලකයෙක් කර උඩ තියාගන දඟලනවද? මේ මානසික ආබාධය නිසා අනික් මිනිස්සුන්ට හරිම කරදරයක්.(නදී)
ප්‍රසාද්,ඔබ හරි. (නි)