(ලක්මි කුඩලිගම)

කළුතර දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය නැවතත් සක්‍රීය වීමත් සමඟ  කුකුලේ ගඟ බලාගාරයේ  වාන්දොරටු දෙකක් විවෘත්ත කර   ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ  එම්. පී,එස්  පෙරේරා මහතා  සඳහන්  කරයි.

කුකුලේ ගඟ බලාගාරයෙන් තත්පරයට ඝණ මීටර් 108 ක ජල ධාරාවක් කුඩා ගඟට මුදා හැරීමත් සමඟ  අද(28 ) උදෑසන වනවිට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 825 සී පරගොඩ ග්‍රාම සේවා වසමේ බුලත්සිංහල  මෝල්කාව මාර්ගයේ  දඹල සහ නාලියද්ද ප්‍රාදේශ ජලයෙන් යටව ගමනා ගමනයට  අඟුල්  යොදවා අතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.

කළුතර දිස්ත්‍රික්කයේ  බුලත්සිංහල ,මතුගම ,පාලින්දනුවර  ප්‍රදේශවලට කඩින් කඩ දැඩි වර්ෂාවක් ලැබෙමින් තිබෙන අතර කළු ගඟ සහ  මගුරු ගඟ පිටාර ගලමින් තිබේ.

මතුගම ,වලල්ලාවිට  , බුලත්සිංහල සහ පාලින්දනුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නාය යාමේ අවදානම් තිබෙන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසු වන්නැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ජනතාවට දැනුම් දෙයි.