‘පසුගිය කාලයේ තිබුණා කතාවක් මගේ කකුල් කැපුවා, ඇගිලි කපනවා කියා. මේ මනුස්සලෝකේ මා ඉන්නතුරු එමෙහ අකරතැබ්බ නොවන බව මා දන්නවා. මට පෙර අකුසල් නෑ. කුසල් තිබෙන්නේ. මොන පක්ෂෙ වුණත් හොඳ දෙයක් යෝජනා කරනවා නම් අපි කරනවා. අපි දේශපාලන හතුරෝ නොවෙමු. මිතුරන් වෙමු. දරුවන්ටත් කියන්නේ වෛරයෙන් වෛරය ඇති කර ගන්න එපා. බුදු හාමුදුරුවන් උගන්වපු මෛත්‍රිය හැම තැනම තියනවා. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේම කරන්න කියා තිබෙන්නේ මෛත්‍රිය තමයි. ‘ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ශ්‍රී සුමංගල මහා විද්‍යාලයයේ නව මහින්දෝදය තාක්ෂණික විද්‍යාගරයට මුල් ගල තැබීමේ උත්සවයේ දී අද පැවසීය.
එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී යු ජෝර්ජ් පෙරේරා මහතා ද එම අවස්ථාවට පැමිණ සිටියේය.
‘ අවුරුද්දයි දවස් 12ක් මා කැලණියේ හිටියේ නෑ. මං මිනී මැරුවයි කියා ප්‍රසිද්ධ කළා. එක්තරා ඝාතනයකට මා සිරගත කරන්න කියා එක්තරා පිරිසක් කිව්වා. මං අද හෙට උසාවි යනවා. කැලණිය සංවිධායකයා මිනී මැරුවා කිව්වාම රටේ ජනතාව හිතන්නේ මේ පුණ්‍ය භූමියේ ඉන්නේ මිනීමරණ පිරිසක් කියා. මට ගෞරවය ඕනේ නෑ. නමුත් ජනතාව වෙනුවෙන් මා අධිකරණය යනවා. කැලණිය මහා නායක හාමුදුරුවන්ගේ ඉඳලා හැමෝ දන්නවා මා කරන සේවය.
මම කැලණිය දාලා යන්නේ නෑ. කැලණිය දාලා යනවනම් යන්නේ ගෙදර. කැලණියෙන් තමා මා නැවතත් පාර්ලිමේන්තු යන්නේ කියන පණිවිඩය මම දෙනවා. කිරි දුන්නු අම්මාගේ දෙතන හපා කන්නෙත් නෑ. බත් දුන්නු තාත්තාගේ අත හපා කන්නෙත් නෑ. උපන් පළාත අමතර කරන්නෙත් නෑ. මට මේ පුටුව දුන්නු ගම්පහ ජනතාව අමතක කරන්නෙත් නෑ.
මේ කැලණියේ ප්‍රාදේශීය සභාව ගැන මා වග කියන්නේ නෑ. මට ඉන්නේ මන්ත්‍රීවරුන් හතර දෙනයි. දැන් ඩෙංගු නිසා කැලණියේ ගොඩක් මැරෙනවා. මා ඉන්න කාලේ මැරුණේ නෑ. එකක් වෙද්දිම මා දඩුවම් දුන්නා. ඒ කියන්නේ මා ගස් බැන්දේ නෑ, එයාලා කරලා පෙන්නුවා. මගේ ඉල්ලීම පිට තමයි කළේ. මං කිව්වා ඔයා බැඳ ගන්න, ඔයා ලියා ගන්න කියා. මා ගස් බඳින්නේ නෑ. එකවරක් කසාද බැන්දා විතරයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! කැලණිය නම් දාලා යන්න එපා (නි)
පාසල් දරුවන්ට නේද මේ කතාව කරලා තියෙන්නේ? නියමයිනේ. (නි)
කැලණියේ මොළ කාරයින්ටම ගැලපෙන මොළ කාරයෙක් මේ. (නදී)
ඔබතුමා අපිට දෙවියෙක්. එදා අපි ත්‍රීරෝද රථ පැදෙවුවා, මාලු විකිණුවා... දැන් ඔබතුමා නිසා අපේ ජීවිත බැබළෙනවා.ඔබතුමා තමයි සදහටම අපේ ලොක්කා... (නි)
කැලණියට වැඩ කරන්න දිරිය ලැබේවා! සියලු දෙවි පිහිට ලැබේවා! (නි)
නියමයි. ඔහොම යමුකෝ (නි)
කැලණියෙන් ඔබ දිනනවා දිනනවාමයි (නි)
ඔබ නම් නියම මහත්මයෙක්... (නි)
නියද අදහස් ටිකක්නේ අපේ කට්ටිය දාලා තියෙන්නේ.... (නි)
ආඩම්බරයි මහත්තයෝ අපිට.... (නි)
පෙර අකුසල් නැහැ හැබැයි මේ ආත්මයේදී සිදුකල අකුසල් ඇති. තමන්ම බැඳගෙන තමන්ම ලිහා ගන්න කියපු දඬුවම නම් මරේ මරු.ඇයි එතකොට තමන් විසින් තමන්ටම කන පැලෙනකන් ගහ ගත්ත දඬුවම. ඒක අමතක වුනාද?(දී)
ඇත්තම නේන්නම්. පෙර අකුසල් තියෙන්නේ අවශේෂ පුරවැසියන් වන අපටයි. නැතිනම් මෙහෙව් රටේ අපි උපදින්නේ නැහැනේ ! අන්න පෝය දවසෙම කුඩු කන්ටේනරයක් අහුවෙලා. (නදී)
නියම කතාව (දී)
ඔබතුමන්ට දීර්ඝායු වේවා! (නි)
අනේ මන්දා මහත්තයෝ, අපිට නම් මේ කතා තේරෙන්නෙ නැහැ (නි)
මෙතුමාව කැළණි පුරවරයට තම කතිරය ගසා පත් කිරීමෙන්ම කැලණියේ ජනතාව තම යුතුකම ඉටුකර තිබෙනවා (නි)
ඡන්දයකින් පසුව කාට කාටත් නියම ඇත්ත පෙනෙයිනේ. එතෙක් ඔහොම යමු. (නි)
කවුරු මොනවා කිවුවත් තාම විභීෂණ දෙවියන් කැලණියේ ඉන්නවා. (නි)
කැලණිය කුඩු වගයක් අහුවෙලාලුනේ 85 kg (දී)
බොහොම හොඳ අධිෂ්ඨානයක් (නි)
මෙතුමා දුරදිග බලලා වචන කිව්වත් නොකිව්වත් එවල පලවිපාක කොහොම උනත් කියන්න ඕන දේ කියනවා කරන්න ඕන දේ කරනවා. (දී)
මෙහෙම මහත්තුරු, අනේ වාසනාවන්! (නි)
මෙන්න නියම කතාවක්.... නියමයි (නි)
ඔබතුමා තෝරා බේරාගෙන වැඩ කටයුතු කරනවා නම් තමයි හොඳ (නි)
තාම ඉන්නවා නේද?. (දී)
කැළණියෙන් යනවා නම් ඊට පසු ඉතින් කොහේ ගියත් අපට කමක් නැත. (නි)
කැලණිය ඉතා සන්සුන් පුජනීය නගරයක් ලෙස නම් දරා සිටි කාලයකුත් තිබුණා (නි)
කතාව නම් මට එච්චර ඇල්ලුවේ නැහැ (නි)
හුඟක් ලංකාවේ මිනිසුන් දැන් ඡන්දෙ දාන්න යන්නෙත් නැහැ. 55% විතර තමයි හැමදාම ඡන්දෙ දාන්නේ. පිටරට සමඟ බලන විට ලංකාව මේ කිසිකෙනෙක් දියුණු කරන්නේ නැහැ.දියුණු කිරීමේ සැළසුමක්වත් නැහැ. (නි)
අනේ! මම ලංකාවේ නොසිටින එක හොඳයි කියලා හිතෙනවා (නි)
මේ කතාව පැවැත්තුවේ අප්‍රේල් පළවෙනිදා ද?(දී)
කාට කියන්නද මේ අවනඩුව (දී)
සාධු සාධු (දී)
කෙබර දෙසාබෑම කුසල කර්මයක්ද?(දී)
ඇමති තුමා නැතුව ගියොත් ගම්පහ දිස්ට්‍රිකයම ඉවරයි. කොහෙවත් යන්න එපා.(දී)
කට මැද දොඩවනවාද කොහෙද? (දී)
කෝ පුතා? (දී)
නිකං ඔහේ කියෝනව. පව්.(දී)
ටෙනිසන්, නියමයි නේද ?මේ ඔකොම අල්ල ගස්බදින්න ඕනෑ
කොහිදෝ යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා ඔබ පිටිපස්සේ(දී)
සමහර ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ අපේ රටේ තවමත් මෝඩයෝ වැඩිය කියල.(දී)
මොනාද මේ කියන්නේ.අපිත් ලංකාවේ (දී)
මොනවා කලත් නියම සිංහල බෞද්ධයෙක්.. ඔබ තුමාට ජය! (දී)
මටනම් නිකන් පිස්සු වගේ (දී)
මුහුද මගේ ගොඩ බිමයි කැලණිය නිවසම තමයි (දී)
මෙයා කැලණිය පන්සලේදීම අපායට ඇදගෙන යාවි කියන බොරු වලට.ගස් බැන්ද මිනිහ තාම ජීවත් වෙනවා. ලෝකය පුරාම මෙම සිද්ධිය අප අන්තර ජාලයෙන් දුටුවා. (දී)
ඇත්තටම මෙතුමා සිංහල බෞද්ධයෙක්??(ස)
හොදයි හොදයි වෙන කොහේ යන්නද? (දී)
එතුමා කියන්නේ ඇත්ත එතුමා දිනනවා . මෙතන අදහස් දාල තියන මෝඩ මිනිස්සු දැක්කම ඒක ඇත්ත කියල පිලිගන්න වෙනවා .(ස)
අනේ! ඔබතුමා කොහේවත් යන්න එපා (නි)
මෙන්න නියම මහත්වරු... බලන්න ඔහු ඍජුව ඇත්ත කතාකරන අපූරුව... (නි)
මෙම පුවත් කියවූ මට , එසෙනින් මතකයට ආවේ මම කුඩා කාලයේ කියවූ ටි ජි ඩබ්ලිව් සිල්වා මහතාගේ උපහාසාත්මක කතා පොතක කොටසකි. එහි ඔහු ලියා තිබෙනවා ජඩ කම බලුකම් කරන්නෝ මෙලොවදීත් එලොවදිත් පැසසුම් ලබති කියා. එය සනාත වීමක් මෙම පුවතින් වැටහෙනවා. (නදී)
යනවා නම් අනේ මං අරන්... යන තැනකට යන්න රත්තරන්! (නි)
මෙන්න කෙළින් කතාකරන මිනිස්සු (නි)
යනවා නම් අනේ කැළණියෙන්... සද්ද නැතුව යන්න යනවා නම්.... අපි ඉන්නේ අපේ වැඩ බලන්.... ලුණුයි බතුයි කාලා රත්තරන්..... (නි)