
කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ විජයානන්ද රූපසිංහ මහතා පවසයි.
එම ශිෂ්‍යාවගේ පියා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කරන පුද්ගලයකු බවද, ඔහුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවද අනාවරණය කරගෙන ඇත. කෙසේවෙතත්, ශිෂ්‍යාවගේ මව සහ සොයුරියට වයිරසය ආසාදනය වී නැත.
ආසාදිත ශිෂ්‍යාව සමීපව ඇසුරු කළ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට පීසීආර් පරීක්ෂාවකට යොමු කළ බව ද රූපසිංහ මහතා පවසයි.
ආසාදිත ශිෂ්‍යාව අවසන් වතාවට විශ්වවිද්‍යාලයට පැමිණ ඇත්තේ, සැප්තැම්බර් 30 වැනි දිනය.
ඔක්තෝබර් 4 වැනිදා සිට කැලණිය විශ්වවිද්‍යාලය වසා දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ ආණ්ඩුව ජනතාවට හා රටට අවංක තීරණ නොගත්තොත් තවත් රජයට ඉදිරියට අපහසු වේවි .
වහාම ඊනියා, අධිරාජ්‍යවාධි බටහිර ගැති කොරෝනා "බලවේග" වෛරසය ඉවත් කරව්......