කැලණි සරසවියේ පළමු වසර සිසුවියකට නවක වදය දීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි එම සරසවියේම සිසුන් 8 දෙනකු යළි මැයි 31 දක්වා රිමාන්ඩ් කරන ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා අද (17) නියෝග කළේය.
සිසුන් දෙදෙනකුට අද ඇප නියම විය.
එසේ රිමාන්ඩ් කැරුණු සිසුන් අතර සිසුවියන්3 දෙනකුද වෙයි.
අද සිසුන් තිදෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කැරුණු අතර පැමිණිලිකාර ශිෂ්‍යාව එම තිදෙනාම හඳුනාගැනීමට සමත් වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි නවක වදය නවත්වන්න තිබෙන හොඳම ප්‍රතිපලදායක ක්‍රමය. (ර)
හිරේදීත් මම හිතන්නේ ඔය වගේ අයට හොඳ රැග් එකක් හම්බවෙයි . එතකොට තමා හැදෙන්නේ (බ)
මෙතැනින් එහාට මෙයම ක්‍රියාත්මක කරන්න. අපි ඔය ශිෂ්‍යයන්ගේ පැත්තේ නෙවෙයි, පාලකයන්ගෙයි, පොලිසියෙයි පැත්තේ. (බ)
මෙතැන හැමෝම කියයි හොඳ වැඩේ කියලා. අනේ පොඩ්ඩක් හිතලා බලන්න ආණ්ඩුවට ඕන නවක වදය නවත්වන්නමද කියලා. (බ)
ගං වතුරෙන් ලෂ ගානක් අනතවෙලා ඉන්නවා. ඒ අසරණ වෙච්ච මිනිස්සු ගැන හාන් කවිසියක් නෑ පාන් කැල්ලක් පරිප්පු හොද්දක් දෙන්ඩ උනන්දුවක් නෑ. (ර)
නවක වධය තියෙන්නේ හීනමානය තිබෙන රටවල් වල පමණි. දියුණු රටවල තියෙන්නේ නායකත්වයයි. දෙවෙනි වසරේ ශිෂ්‍යයින් නවකයින්ට නායකත්වය දීලා ඒගොල්ලන්ගේ පාලනය තහවුරු කරගන්නවා. එ්කට ඒගොල්ලෝ දක්ෂයෝ වෙන්න ඕනෑ (නි)
නිදහස් ශ්‍රී ලංකාවක් තුල මෙවෙනි හිංසාවාදී සරසවියන් නෙතිබිය යුතුයි. (ර)
රැග් කරන්න දන්නේ නැතිව රැග් කලාම ඔහොම තමා. (ර)
විශ්ව විද්‍යාල වල ගිහින් ඉගන ගත්තහම උගත්තු වෙනවා කියල කව්රුත් හිතන්ඩ එපා මේ ලෝකේ නූගතුන් විසින් නිර්මාණය කරලා ඉවරයි ඒවාට ඕනෑතරම් උදාහරණ තියනවා විද්‍යාව පැත්තෙන් ගත්තොත් ඇරිස්ටෝටල් සර් අයිසැක් නියුටන් මාර්කෝනි කලාවෙන් පිකාසෝ චැප්ලින් ඩාවින්චි සීසර් වික්ටහියුගෝ ගෘහ නිර්මාණ වලින් ගත්තොත් රෝම අදිරාජ්‍යය ග්‍රීසිය බ්‍රිතාන්‍යය ඊජිප්තු පිරමිඩ ඒවගේම අනාදිමත් කලේ කරපු සම නිර්මාණයක් ම කෙරුවේ නුගත්තු. (ර)
චන්ද්‍ර, ඔබතුමා විඳි නවක වදය ගැන දන්නේ ඔබතුමා පමණයි. ඒක අහිංසක විනෝදයක් වෙන්න ඇති. එය ඔබට වගේම මටත් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම ආදරය කරන මගේ නැගණියට කුණුහරුපෙන් බනිනවට මම නම් කැමති නැත. (නි)
හොඳ දඬුවමක් දිය යුතුයි නැවත මේවා නොකරන්න. (ර)
මෙයාලා සියලු දෙනාට දඬුවම් කරන්න අනෙක් අයත් පාඩමක් ඉගෙන ගනී (බ)
සචිත්, ආණ්ඩුව වැරදි ඇති. ඒත් කැළණිය විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුන්ට මුල්ම සතියේ එක් දවසක රාත්‍රි දෙක දක්වා විශ්ව විද්‍යාලයේ බලෙන් රඳවාගෙන රැග් කළ බව ඔයා නොදන්නවා ඇති. ඔයාගෙ නංගි කෙනෙකුත් රෑ එතන ඉන්නයි තිබුණෙ. (නි)
සරසවියට ගිය කිසිකෙනෙක් නවකවදයට බය නැහැ. නොගිය අය තමා මේවට බනින්නේ (නි)
හොඳ වැඩේ. ඇතුලට ගිහිල්ලා හරි පාඩමක් ඉගෙනගෙන වරෙල්ලා. (බ)
අපිත් ඔය විශ්ව විද්‍යාලයේම ඉගෙනගත් අයයි. අපිටත් නවක වදය ලැබුනා. ඒවා බොහොම අහිංසක විනෝදාත්මක දේවල්. නවක සිසුවෙක් හා සිසුවියක් අත්වැල් බැඳ අපි බැන්දෝ අපි බැන්දෝ කියමින් දුවන්න සැළසීම එකක්. නවක වදයෙන් පසු ජ්‍යෙෂ්ඨ උත්තමයින් අපිට තේ පැන් සංග්‍රහයක් පවත්වනවා. නවක වදය උලුප්පා දක්වන්නේ ඇත්තටම විශ්ව විද්‍යාලයේ හතර මායිමටවත් ගිහින් නැති අයයි. මේ අවුරුද්දේ නවක වදය කාපු අය තමයි දෙවැනි අවුරුද්දේ නවක වදය දෙන්නේ. ඒ නිසා කවදාවත් නවක වදය විශ්ව විද්‍යාල වලින් තුරන් කරන්න බැහැ (නි)
සචිත් කුරුකුලසූරිය, ආණ්ඩුවේ හිතේ තියෙන දේ අපි දන්නේ නැහැ. අපි කැමති රටේ නීතිය ක්‍රියාත්මක වෙනවට. ඒකේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඒවා නිවැරදි කළයුතුයි. එකවරම සියලු දේ ලබන්න බැහැ. (නි)
අන් අයට හිංසා කරන අයට සොබාදහමෙන් උවත් දඬුවම් ලැබෙනු ඇත. (ර)