‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව සංවිධානය කරන ශී‍්‍ර ලංකා ක‍්‍රීඩකයන් අතර තරගාවලියේ පළමු වටය මේ මස 29 සහ 30 දෙදින නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සියලූම ප‍්‍රබළ ක‍්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය. යෝෂිත රාජපක්‍ෂ (බස්නාහිර වොරියර්ස්), ෆාෂීල් මරීජා (උතුර ග්ලැඩියේටර්ස්), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (දකුණ ශාක්ස්), සෙනාල් ඩයස් (නැගෙනහිර ඊගල්ස් ), ගයාන් වීරරත්න (වයඹ බ්ලැක්ස්), නයිජල් රත්වත්ත (මධ්‍යම කිංග්ස්), ප‍්‍රදීප් ලියනගේ (උතුරු මැද ටයිෆෙූන්ස්), සජිත් සාරංග (යාපනය චැලෙන්ජර්ස්), රෝහිත රාජපක්‍ෂ (සබරගමුව ස්ටැලියන්ස්) සහ චාමර දාබරේ (ඌව වයිපර්ස්) කණ්ඩායම්වල නායකයෝ ලෙස කටයුතු කරති.
දේශිය තරගාවලියේ දෙවැනි අදියර ජූලි මස 06 සහ 07 දෙදින නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලිය ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියට දේශිය ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක් ලෙස ද මෙය සළකයි.
විදේශිය ක‍්‍රීඩකයන් 40 කට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013 පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහි දෙවැනි අදියර අගෝස්තු මස 2 සහ 3 දෙදින කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd