සනත් ගමගේ
සංහිඳයාවේ හොඳම අවස්ථාව සිංහල හා දෙළ අළුත් අවුරුදු චාරිත්‍ර සිදු කිරීමයි.එහෙත් නැකැත්වල වැරද්දක් ඇති බව නොයෙක් මත ප්‍රකාශ කෙරෙනවා.මේවා කොහෙන් එනවාද කාගේ වුවමනාවට කියනවාද යන්න රටේ දීර්ඝ කාලයක සිට මේ රටේ පැවැතගෙන එන චාරිත්‍ර වලට ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ දී කීය.මේවාත් වෙනසක් ඇති කරන්න ආණ්ඩුව ක්‍රියාකරන බවද රාජපක්ෂ මහතා කිය. තංගල්ල කාල්ටන් නිවසේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ සහභාගීත්වයෙන් අවුරුදු උත්සවයක් (13) දින පැවැත්විණි. අවුරුදු තරඟ විවිධ නම් යටතේ නම් කර තැබිම විශේෂත්වයකි.කණා මුට්ටිය බිඳීම මහ බැංකුව බිඳීම ලෙස නම් කර තිබිණි. බැලුන් පිපිරවීම ගූගල් වයිපයි බැලුන් ලෙස නම් කර තිබිණි. රත්තරන් අශ්වයාට ඇස තැබීම සිදුවිය. කඹ ඇඳීම ආණ්ඩුවේ පක්ෂ දෙක ලෙස නම් කර තිබිණි.පිටි මත කාසිය සෙවිම ලැම්බෝ ගිණි සෙවිම ලෙස නම් කර තිබිණි. තරඟ වලින් ජයග්‍රහණ ලැබූ තරඟ කරුවන්ට ලැම්බෝ ගිණි සෙල්ලම් කාර්. සෙල්ලම් හෙළිකොප්ටර් පිරිනැමිම මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණි.මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා සැඟවුනු අමුත්තා ලෙස නම් කර තිබිණි. හම්බන්තොට, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්කවල පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මන්ත්‍රි වරු රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයකින් පැරදුනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති සොයන තරගයක් ඔතන නැද්ද?
කලින්ම ගෙදර යන්න වුන සැඟවුන අමුත්තත් සොයමු.
මෙය යහපාලනයට අද්ර්ශයක්ම වේවා!!!
බලයට එන්න තියෙන 65 වන මායම
අවුරුදු රස කැවිලි අරන් හිතමිතුරන් බැලීමට වැලිකඩ යාමත් මේ අවුරුදු උත්සවයේ එක අංගයක්.
මේකත් හරියට අර ජයරත්නලාගේ අවුරුදු උත්සවේ වගේ.
මේ අය කණා මුට්ටි සෙල්ලම කරන අසලකටවත් මාධ්‍ය සගයින් වැරදිලා වත් යන්න එපා.
අලියට ඇහැ තියන්න බැරි නිසා අස්සයෙක් ඇඳල,අනේ මෙහෙමත් මිනිස්සු
ගුනමකුවන්ගේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා කොටි ගහල මදි කියල. ජාතියේ ගැලවුම්කාර පියාණනි ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
කොහොමත් මෙයා ළඟ හිටපු කට්ටිය බලයේ ඉද්දි කලේ අමුතුම සෙල්ලම් තමා.
කාලයට ගැලපෙන විදියට සකස් කරලා තියෙනවා..
මේවා කරලා බලයට එන්න ලැබෙන්නේ නැහැ
ඔබතුමානම් නියම දේශපාලන නයාකයෙක්.
සෙල්ලම් හෙලිකොප්ටර් දිහා බල බලවත් සැනසෙන්න මැතිදුනි.
කව්ද අර මුල් පින්තුරේ ඉන්න ජෝකර් ?
අනේ ඉතින් මෙය හදන නැකත් !!!
අනේ අනිච්චන්....
නැකත් වෙනස් කියන මෝඩයන් අවුරුදු ක්‍රීඩාවල නම් පවා වෙනස්කිරීම හරිද
සුභ අලුත් අවුරුද්දක් වේවා
කොහොම හිටපු කෙනෙක් ද?දැන්නම් මෙලෝ රහක් නැති වැඩමයි කරන්නේ.
මම ඔබට ගරු කරමි. එහෙත් මෙවන් ක්‍රියාවක් හිටපු ජනපති කෙනෙකුට තරම් නොවේ. ඔබේ වටා සිටින බුද්ධි හීනයන්ගෙන් ප්‍රවේසම් වන්න.
අනේ මෙහෙමත් මිනිස්සු. හිටපු ජනාධිපති කෙනෙක්ද? කියල කියන්නත් ලැජ්ජයි.
මම ඔබතුමන්ට ඉතා ගරු කරමි. 30 වසරක කුරිරු යුද්ධය නිම කලේ ඔබතුමාය. එවන් ඉතිහාස ගතවන වීර චරිතයක් වන ඔබතුමා මෙවන් ක්‍රියා වලට අනුබල දීම, සහභාගි වීම තුලින් අපගේ සිතේ ඔබතුමා පිළිබඳ ඇති යහපත් ආකල්ප සිඳීයාමට හේතුවක් වන බව නොකිය බැරිය.
හෙල්පින් හම්බන්තොට කැකිල්ලේ තීන්දුව තිබුණේ නැද්ද?
මාරු සෙට් එක...
ඉඩමේ අයිතිකරු සොයන තරගය...
ලැබී ඇති ප්‍රතිචාර අනුව මේ අවුරුදු උත්සවය නම් සෑහෙන්න සාර්ථකයි, ඔහොම ඉදිරියට යමු...
මේ මනුස්සය බල ලෝභයෙන් වියරු වෙලා. කොපමණ උඩ පැන්නත් පොකුර නම් කඩා ගන්න නොහැකි වන්නේමය ...
පවුලේ උදවිය කව්රුවත් ඇවිල්ල නෑ නේද . මොකද දන්නේ නෑ