IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කාලගුණේ අනතුරු අඟවයි

අද (03) පස්වරු 5.30 සිට ඉදිරි පැය 12 දක්වා තද සුළං සහ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.

දිවයින ආසන්නයේ වායුගෝලයේ කැළැඹීම නිසා බොහෝ පළාත්හි ද මුහුදු අවට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්හි ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ද මිලිමීටර සියය දක්වා වැසි  ඇති විය හැකි බවත් එම මධ්‍යස්ථානය කියයි.

සුළං වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින හෙයින් පරෙස්සමෙන් මුහුදු යන්නැයි ද එම මධ්‍යස්ථානය ඉල්ලයි.



අදහස් (0)

කාලගුණේ අනතුරු අඟවයි

චින්තක Thursday, 05 June 2014 03:05 AM

මම නම් කියන්නේ අයහපත් කාළගුණයෙන් කිසිවෙකුට හෝ කරදරයක් නොවෙන්න කියලයි (නි)

:       0       0

විකි Wednesday, 04 June 2014 09:00 AM

සජි - ඕකටත් බද්දක් ගෙනේවි .... කාලගුණ දෙපාර්තුමේන්තුව තියන සම්පත් වල හැටියට පුළුවන් විදියට තමයි අනාවැකි කියන්නේ. අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි හැම එකේම එකම නෙවි තියෙනේ. ඒවයෙත් වෙනස් කම් තියෙනවා. අනාවැකියක් කියන්නේ නැතුව වෙනවම කියනවා නෙවෙයි. එහෙම දැනුම් දෙන්න නම් සජීවී පැයෙන් පැය පුවත් වගේ සේවයක් අාරම්බ කරන්න වෙනවා. (ස)

:       0       0

සම්පත් Wednesday, 04 June 2014 09:33 AM

හැමදාම කියන්නේ එකම අනාවැකිය අද තියන අව්ව දැක්කොත්. අනේ අපේ කාලගුණ කාරයෝ. (නදී)

:       0       0

මහේෂ් Wednesday, 04 June 2014 10:36 AM

අනේ ඊයේ රූපවාහිනී නාලිකාවක කාලගුනේ මහත්තයෙක් කිව්වා ඉදිරි පැය 12 ඉතා භයානක තත්වයක් එනවා කියා. එ්ත් අද හොදට පායලා, මේවට හිනා යනවා (නදී)

:       0       0

ගීත් Wednesday, 04 June 2014 10:38 AM

ලෝකේ සියලු දේම වෙනස්වෙන සුළුයි. (ස)

:       0       0

සජී Tuesday, 03 June 2014 09:15 PM

අහස බලන් අනාවැකි කියන දෙපාර්තමේන්තුවක් අපිට තියන්නේ.. මීට වඩා හොදට අපේ සීයටත් අනාවැකි කියන්න පුළුවන්. මෙයාලට වඩා හොදට ලංකාව අවට ප්‍රදේශය ගැන අනාවැකි කියන වෙබ් අඩවි අන්තර්ජාලයේ තියනවා ඕනතරම් අන්තර් ජාලය මුළු ලංකාවේම ප්‍රචලිත වුනුදාට ඔය දෙපාර්තමේන්තුව වහලා දමන්න තියන්නේ.. (නදී)

:       0       0

චන්දන Tuesday, 03 June 2014 10:16 PM

කිසිවෙකුට කරදරයක් නොම වේවා! (නි)

:       0       0

හිරු Wednesday, 04 June 2014 12:13 PM

එ් වුනාට අද නම් වැස්ස නෑ. ඉරත් තදට පායලා. (නදී)

:       0       0

සරත් Wednesday, 04 June 2014 02:52 AM

මම දන්නා විදියට අපේ රටට කලට වෙලාවට වැසි වැටෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site