කලාකරුවන් හා වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් පුරවැසි බලය සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්විමට ඉදිරිපත්වී සිටී.
පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, කේ.බී.හේරත්, ලූෂන් බුලත්සිංහල ඇතුළු කලාකරුවන් රැසක් මෙසේ සංධාන ගතවී කලා අභිවෘද්ධියට බලපාන කරුණු වෙනුවෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිවිසුමකටද එළැඹ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාකරුවන් අතර මෙහෙම අය ඉන්න එක වාසනාවක්! (නි)
මේ අයගේ නම් දිහා බැලුවහම පෙනෙනවා කලා ලෝකයේ පතාක යෝධයන් බව. මේ විද්වත් කලාකාරයෝ දෙන්නේ අනෙක් අයට හොඳ ආදර්ශයක්. (නි)
තමන්ගේ පෞද්ගලික වාසියට පමණක් හෝයියා නොකියන අවංක කලාකරුවන් පිරිසක් අපේ රටෙත් ඉන්නවා එහෙනම්. (නි)
ජයවේවා! (නි)
බොහොම හොඳයි. හොඳ ප්‍රවණතාවයක් (නි)
ජයවේවා ! අපේ කලාකරුවන් දිනේවා ! (නි)
"පුරවැසිබලය " කියන මේ කලාකරුවන් සම්බන්ධ සංවිධානයෙන් කරන්නේ රටේ සියලු වැසියන්ගේ සහ සුළු ජනතාවගේ අයිතිවාසිකම් ගැන පෙනීසිටීම හා මානව හිමිකම් ගැන කතාකිරීම. ගිවිසගන්නේ ඒ අයිතිවාසිකම් රැකගන්න මිසක් රට බෙදන්න නෙමෙයි (නි)
කෝ ගිවිසුම ? (නදී)
ඔය කොයි ගිවිසුම් ගෙහුවත් වැඩක් වෙයිද ? කරන්නේ කවුද ? මහින්ද රාජපක්ෂ තමයි මේ පාරත් ජනාදිපති වෙන්නේ. (නදී)
සියළුම බුද්ධිමත් පිරිස් අද ඔහු වටා රොක් වී සිටිනවා. නමුත් වත්මන් ආණ්ඩුව වටා සිටින්නේ කුඩු කාරයන්,එතනෝල් කාරයන්ය. ඇත්තෙන්ම මෙය සැබැ වෙනසකි. (නදී)
හිත ඇත්නම් පත කුඩාද කිව්වලු. දැඩි අධිෂ්ඨානයයි අවංකවම ඒ සඳහා කැපවීමේ උවමනාවයි තියෙනවා නම් කිසිම බැරිකමක් නැහැ. මගේ සුභ පැතුම්. (නි)
යුද්ධ කාලයේ ඔයාලා කොහෙද හිටියේ? (නි)
මේ පුරවැසි බලය කියන්නේ නෝර්වේ එන්.ජී.ඕ එක නේද ? (නදී)
තමුන්ට ලැබෙන වරප්‍රසාද ගැන විතරක් සිතමින් වට වන්දනාවේ එහෙයි කියාගෙන යන අය අතරේ මෙහෙම අයත් ඉන්න එක ලොකු දෙයක්. (නදී)
හැමෝටම සුබ පතනවා. දැකපු විදියට නම් ඔක්කොම කලාවට මහඟු යමක් කරපු අය .ඔහොම අය ඉදිරියට ආපු එක රටේම වාසනාවක්. හැමෝටම පින්. මන් දිල්හානිගේ කතාව ඇහුවා. ඇස් දෙකට කඳුලුත් ආවා. රට යන විදියට දෙමුපියන්ට භය දැනෙන එක පුදුමයක් නෙමෙයි. හැමෝටම තෙරුවන් සරනයි!(හේ)
මේ කලාකරුවන්ගේ කතාව මම ඇහුවා. හරිම හරවත්. ඉදිරිය දකින සැබෑ සංවේදී මිනිස්සුනේ කලාකාරයෝ. සතුටුයි. (හේ)
මා හරි උගතා මා හරි ජගතා කියා ගන්නා අපි ගඟෙන් වතුර බි මුහුදට ආවඩමු. (නදී)
මහීන්, මේ අය ඔක්කොම යුද්දේ කාලේදී මහින්දත් එක්ක හිටපු පතාකයෝ. දන්නේ නැත්තං කට වහගෙන ඉන්න නිකන් මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව. මෙතන ඉන්න ගොඩක් අය නියම සිනමා කරුවන් සහ කලාකරුවන් මිසක් නිකං හිගමනේට කඩේ යන අය නෙවෙයි. කොහොමත් බුද්ධිමත්තු එක ගොඩකට එන කොට මෝඩයන්ට ඉවසන්න බැරි බව අපි දන්නවා. බන්ධුල පෙරේරා වගේ අයට වෙලා තියෙන්නේ ඒකයි. (නදී)
මේ අවස්ථාවේ හැටියට හිතන්න ඕනි කලාව ගැන පමණක් නෙවේ. පොදුවේ... රට වැටිලා ඉන්න ප්‍රපතෙන් ගොඩ ගන්න තමයි සිතිය යුත්තේ. විශේෂයෙන්ම රටේ සිද්ධ වෙන මහා පරිමාණයේ අපරාධ සහ හොරකම් ගැන.(හේ)
මේවා ඇහෙනකොට සමහර කට්ටියට නිකන් ගැරඩියාට භූමිතෙල් ශරීරයේ තැවරුණා වගේ. (නදී)
රට ගැන්‍සිතන ඔබ සැම වාසනාවන්! (නි)
ගිවිසුම් ගහන්නත් ඉතින් විශ්වාසවන්ත කෙනෙක් එක්ක එපායැ. (නදී)
කොහොම ගීවිසුම් ආවත් මහජන මතයට රට යනවා. අවස්ථාවාදී වෙන්න එපා. එ්ක කලාවට නිගාවක් (නදී)
මේ ආණ්ඩුවේ තනතුරු ලැබෙන්නේ නැතුව ඇති නේ මේගොල්ලන්ට. ලැබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද? (නදී)
ගිවිසුම් ටික කියවන්නම දින 100 ය ගතවෙයි වගේ.? (ර)
මෙහෙම ගිවිසුම් ගොඩක්.? (ර)
මෙතන කලහකරුවෝ නම් නැති පාටයි (නදී)
මේ කලාකරුවන් හැමදාම යථාර්ථය වෙනුවෙන් පෙනී හිටියා.අගය කරනවා මේ වැඩ පිළිවෙළ හැබැයි හැමදාම වගේ අදත් මෙයාලට දේශදෝහීන් ඒන්ජිඕ කාරයින් කියලා නොකිව්වොත් තමයි පුදුමේ.(හේ)
මේ ගිවිසුම් වල හරය ගත්තොත් ඔක්කොම ඉලන්නේ යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල දියුණු ආර්ථිකයක්. (ර)
වැඩක් කරන කොට ගිවිසුමක් තියෙන්න ඕන. (ර)
මෙතන සිටින කලාකරුවන් මෙතෙක් කාටවත් කඩේ ගිය නැති ඒවගේම ආත්ම ශක්තියක් ඇති පිරිසක්. තමන්ගේ උපන් හැකියාවන් දේශපාලන ලොක්කන්ගේ ඉදිරි වැඩ වලට පූජා කරලා එ්කෙන් තමුන්ට ලැබෙන වාසිය වඩා ලොකුයි රටට හෙන ගැහුවත් කියල හිතන කලා සංගමේ අනිත් ශිල්පීන්ට තමන්ගේ දෑස් විවර කරවන දෙයක්. ජයවේවා! (නදී)
අතලොස්සක් තරම් කට්ටියක් දවල් හීන දකිනවා. 99% කලාකාරයෝ ඉන්නේ පවතින ආණ්ඩුවත් එක්ක. මොනවා හරි මෙයාලාටත් දෙනවා කියන්න ඇති. රසවත් කතා කියල ජාතිකාභිමානය වඩවන්න බැහැ නෝනා. රටේ ගමන් මග ආපස්සට හරවන්න හදන අය ගැන හරිම කණගාටුයි. (නදී)
මෛත්‍රිපාල සිරිසෙන මහතා ලෝක වාර්ථාවක් තියලා ඉවරයි ගිවිසුම් ගැසිමෙන්. (හේ)
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ජයවේවා රට ඉදරියට ගෙනයාමට ශක්තිය ලැබේවා ! (නදී)
ගිවිසුම් මගින් පොරොන්දු ගැනීම ඉතා හොඳ දෙයක්. (නි)
මෙන්න නියම කලා කාරයෝ සුබ පැතුම් (නදී)
මේ ගිවිසුම් වල හරය ගත්තොත් ඔක්කොම ඉලන්නේ යහපාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් තුල දියුණු ආර්ථිකයක්. (නදී)
ඔව් ඉතින් කිවිසුම් යන ගානට ගිවිසුම් තියන නිසා හැදෙන ලෙඩ මොනවගේ වේවිද දන්නේ නෑ . (නදී)
හැංගිලා ඉන්න කොටිත් එක්කත් ගිවිසුමක් ගැහුවද ? (නදී)
අපිත් හිතුවා හොද වෙයි කියලා. එත් ගිවිසුම් බලපුවම ගිවිසුම් හදපු අය කියන්නේ සේරම පරස්පර කතා.(හේ)
අනේ මෙහෙමත් ගිවිසුම් කෝලම්.(හේ)
මේ කිසිම ගිවිසුමක විනිවිද භාවයක් ගැනනම්,කවුරුවත් දන්නේ නැහැ,ඒවා අට වෙනිදයින් පස්සේ ගෙදර දුමේ තමා තියන්න වෙන්නේ. (අ)
පිස්සු පොරවල් ,(අ)
ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තමයි ගිවිසුම් ගැනීම.(හේ)
අනේ මන්ද මේ අත්සන් කරනවා කියන ප්‍රකාශන තැන්පත් කරන්න රාජ්‍ය ලේඛනාගාරයේ ඉඩ ඇති වෙයි ද කියලා.(හේ)
අතලොස්සක් වැනි මෙවන් කලාකරුවෝ පිරිසක් ඇත්තටම රටට ආදරේට ඔය පැත්තට ගියාද? තමන්ගේ හිතට එකඟව තීරණ ගන්න,එක රටේ අනාගතයට වැදගත්.(හේ)
එන්.ජී.ඕ ගැත්තන් ගැන යුරෝපයේ ජීවත්වන බෝහෝ දෙනා දන්නා කරුණකි. (නදී)
මේවා කෙරෙන දේවල්ද? (නි)
කාන්තාවන් හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න සමහරු ගැන නම් අපට තියෙන්නේ එපාවීමක්. කොටකෙතක කාන්තා ඝාතන විශාල ප්‍රමාණයක් සිද්ධවෙද්දී, එයාලා කාන්තාවන් වෙනුවෙන් වචනයක් කතාකළේ නැහැ. (නි)
කලාවේ අභිවෘද්ධියට අදාළ කරුණු ගැන, අනාගතයේ නිසැක ජනාධිපති වන මෛත්‍රී සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීම හොඳ දෙයක්. (නි)
දුප්පත් ජනතාව වෙනුවෙන් නම් එක ගිවිසුමක්වත් ගහන්න කෙනෙක් නැහැ (නි)
මෙතන මම දන්නා දෙන්නෙක් ඉන්නවා. හැබැයි ඒ දෙන්නගෙම නෝනලා දෙන්නාම පවතින ආණ්ඩුවට පක්ෂ බව කිව යුතුයි. (නදී)
එම්.ආර්ගේ කලාකාරයෝ පිරිසයි මෛත්‍රීගේ කලාකාරයෝ පිරිසයි අතර කැපී පෙනෙන වෙනසක් පේනවා. (නදී)
අනේ මේ එකමුතුවෙන්ද වැඩක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. දැන්මම එක එක නායකයෝ කියන්නේ පරස්පර කතා. (නි)
මොන දෙයක හරි පිළිවෙලක් තිබීම අත්‍යවශ්‍යයි. මමත් මගේ සුභ පැතුම් සහ සහයෝගය ලබාදෙනවා. (නි)