ශ්‍රී ලංකාවේ සැබෑ වෙනසක් සිදු කිරීමට අවශ්‍ය පරිසරය මේවන විට නිර්මාණය වී ඇතැයි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ජිනීවා නුවරදී ඊයේ (2) ආරම්භවූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසියට සහභාගීවූ සාමාජික රටවල් 47 ක නියෝජිතයෝ අමතමින් රාජ්‍ය ලේකම්වරයා එසේ කීවේය.
ශ්‍රී ලංකාවේ නව රජය ලබාදී ඇති පොරොන්දු සහ නව යෝජනා ක්‍රියාත්මක කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිල සහාය මේවනවිටත් ලබාදී තිබෙන බවද කෙරී කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක්කල් ඔයාලට ලංකාවට කරන්න බැරිවුණ වෙනස දැන්නම් හිතේ හැටියට කරගන්න පුළුවන්. (නි)
ඔය එන්න හදන්නේ අපිට ආදරේට නම් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
දැන් මෙයාලා පිනුම් ගහන්න හදන්නේ. (ර)
මේ යන විදිහට නම් වැඩි කාලයක් නොයා සැබෑම වෙනසක් වෙයි වගේ! (ර)
මේ යන විදිහට නම් වැඩි කාලයක් නොයා සැබෑම වෙනසක් වෙයි වගේ (නදී)
මෙයාල හදන්නේ ඔබාමාගේ සගයන් වන කොටින්ට ඕනා විදියට අපේ රට නටවන්න, බලාගෙන යාප්පුවෙන් ලං වෙනකොට. (නදී)
අපි ඇමරිකාවත් සමග කෙලින්ම සම්බන්ද වෙන එක හොඳයි (නදී)
බඩගෝස්තරය ගැනම සිතූ අපේ ශ්‍රී ලාංකිකයින්ට දෙවියන්ගේම පිහිටයි! (නි)
අපේ අය කලේ එයාලගේ වෙනස..(දිල්)
රනිල් මහතාට පින්සිද්ධ වෙන්න දැන් ලංකාවට ඔලුව උස්සන්න පුළුවන්. (නි)
මොකද දන්නේ නැහැ මේතරම් අපිට ආදරේ...? (නි)
නැතිව නැතිව තමන්ට අවනත නොවන පාලකයින් පන්නා දැමීමට කරන ලද ඇමරිකන් ව්‍යාපෘතියක ප්‍රතිඵලයක්නේ ඒක. වැරදිලාවත් මහින්ද බලයට අවානම් ලංකාවෙත් අරාබි වසන්තයක් ඇතිවෙන ලකුණු අපට පෙනෙන්නට තිබුණා. ඒක වැලකුණේ ජනතාවගේ පිනට. හැබැයි ඉදිරියේදී මේ අධිරාජ්‍යවාදීන් අපට සළකන ආකාරය බලාගෙන ඉන්න. අපේ පාලකයින් බලල් අත් කරගෙන වෙනත් රටවල් අවුල් කරනවා. 30 වසරක් අප රට වෙලාගත් යුද්ධයත් එහි එක් ප්‍රතිඵලයක්. ඉන්දියාවේ ගාන්ධි පාලනය එදා එල්ටීටී එකට උදව් කළේ අපේ රටේ පැවති ඇමරිකන් හිතවාදී පාලනය නිසා. ඒක ගාන්ධි පාලනයටම පාරා වලල්ලක්ව 2009 දී මහින්දට එල්ටීටීඊ එක විනාශ කිරීමට උදව් කළා. මහින්ද ගාන්ධි පාලනයත් සමග සිටි නිසා මෝදි ඇමරිකාවත් සමග එක් වී මහින්ද ඉවත් කිරීමේ ව්‍යාපෘතියට උදව් කළා. මේ පේන්නේ ඒවායේ අතුරු ඵල. (නදී)