විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආශ්‍රිත එළුවන්කුලම මොරන්තම්වේලි ජනාවාස රහිත ප්‍රදේශයේ වගුරු බිමක දමා තිබූ කලුකිතලා නම් ආරක්ෂිත පක්ෂියකුගේ බිත්තර රැගෙන යමින් සිටි අයකු ඉරිදා අත් අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු කියති.
අත් අඩංගුවට පත්වී ඇත්තේ වනාතවිල්ලුව මොරපතාව ප්‍රදේශයේ පදිංචි හසිත සඳරුවන් නමැත්තෙකි.
කලුකිතලා මේ කාලයේ බිත්තර දමයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, යුරෝපය, උතුරු අප්‍රිකා රටවල්, ජපානය ඇතුළු අග්නිදිග ආසියාතික රටවලත්, පිලිපීනයේත් කළු කිතලා දක්නට ලැබෙයි. ෆුලිකා ඇට්රා ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන කළු කිතලා මෙරට නේවාසික පක්ෂියෙකි.
බිත්තර 28ක් සමග අත් අඩංගුවට ගන්නා ලද සැකකරු අද (15) වන දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 30,000ක දඩයක් මත නිදහස් කිරීමට භාරතී විජේරත්න විනිසුරුවරිය නියෝග කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කළ වැඩේ හොඳයි (නි)
අපේ රටේ ඉන්නේ මහා නපුරු මෝඩ මිනිසුන් ...ආදරය කරුණාව දයාව අනුකම්පාව කියන සිතිවිලි වලින් ඔවුන් සදහටම තුරන්වෙලා, බඩගොස්තරය ගැනම පමණයි හිතන්නේ.... (නි)
ඉඳල හිටලා වන ජීවී එකේ මහත්වරුත් මේ වගේ ලොකු ලොකු වන නාශක වැඩ අල්ලනවා. පත්තරෙත් දාල මචන්. ආයිත් නම් ඉතින් වන සත්තු මරණ එකක් නැහෙ දන්නා කියන එකෙක් හලෝ. (ම)
වැඩේ නම් හොඳයි.හැබැයි දඩය මදි වගෙයි (නි)
ඔය බිත්තර වලින් දැන් පැටවු හදන්න බැරිද? (නි)
කුඩු කිලෝ 260 ගෙනා අයට තවම දඩයකුත් නැහැ, ගෙනා අයත් නැහැ. බිත්තර 30 ඇහිදගෙන ආපු එකට නම් 30,000.00 දඩ.... පුදුම ලංකාවක්! (නි)
ඔය බිත්තර දැන් වැඩක් නැහැ. මිනිසුන්ගේ අත ගෑවුණාම එම සතා බිත්තර අයින් කරනවා. කරන්න තියෙන්නේ මැෂිමකින් රක්කවන්න. (නි)
මට හිතෙන විදියටනම් මෙයි නාමය හැටියටනම් පොඩි ළමයෙක් වගෙයි දුප්පත් ළමයෙක් වෙන්න ඇති පවු කළ දෙය නම් වරදියි (ම)