(තිලකරත්න දිසානායක)
කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් වාහන ගෙන ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිටි කල්ලියක නායකයා සහ සගයකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ කොට්ඨාස දූෂණ විමර්ශන අංශය සදහන් කරයි.
නිට්ටඹුව ප්‍රදේශයේ ගෙවත්තක වාහනයක් කොටස් කරමින් සිටින බවට ලද තොරතුරක් මත දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් අදාල ස්ථානය වටලන ලද අවස්ථාවේ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මෝටර් රථයක් කොටස් කරමින් තිබියදී කල්ලි නායකයා සහ අනෙකා කොටු කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
මෙම සැකකරුවන් නෙළුන්දෙනිය සහ නයිවල ප්‍රදේශයන්හි පදිංචි 38 වියෙහි පසුවන විවාහකයන් බවද පොලීසිය පවසන අතර ප්‍රධාන සැකකරු කලක් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවෙහි කැනීම් අංශයේ සේවය කොට ඇති බව අනාවරණයවී යැයිද කියයි.
මොවුන් දිවයිනෙහි විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට පොහොර ලබා දෙන බව පවසමින් මුදල් වංචා සිදු කළ බවට පැමිණිලි ලැබී ඇති බවද පොලීසිය පවසයි.
මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු වලට අනුව පසුගිය 2 වෙනිදින අනුරාධපුර ප්‍රදේශයෙන් රුපියල් 50,000 ක අත්තිකාරම් මුදලක් ගෙවා කුලී පදනම මත මෝටර් රථය ලබාගෙන ඒකල ප්‍රදේශයට රැගෙන විත් ජී.පී.එස් තාක්ෂණ උපකරණය ඉවත් කොට පසුව නිට්ටඹුවට රැගෙන ගොස් කොටස් කිරීම සිදු කළ බව අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුලි වාහන මස් කළ දෙදෙනෙක් මාට්ටු