
(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජාතික උද්‍යා නය තුළ පිහිටි කලාවැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පවතිද්දී කලාවැව තරණය කිරීමට ගිය දෙනෙත් අන්ධ වන අලියකු කලාවැව් දිය මත දී යායුතු මග සොයා ගත නොහැකිව අතරමංව සිටියදී බේරා ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ.
මේ වනවිට කලාවැවේ ජල මට්ටම අක්කර අඩි 86,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ දිනවල කලාවැව වාන් දමමින් පවතින අතර එහි හදිසි වාන් දොරටු ද විවෘත කර තිබේ. මෙම දෙනෙත් අන්ධ වන අලියා කලාවැව තරණය කිරීමට ගොස් ඇත්තේ මෙවන් තත්ත්වයක් එම ජලාශයේ පවතින පසුබිමකය.
කලාවැව් දියේ අතරමංව සිටි එම වන අලියා සම්බන්ධයෙන් ප්රෙැද්ශවාසීන් කළ දැනුම් දීමක් අනුව එම වනඅලියාගේ දිවි බේරා ගැනීමේ මෙහෙයුම් ක්රිවයාත්මක කිරීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීහු යුහුසුළුව කටයුතු කරනු ලැබූහ. ඔරු කිහිපයක් ආධාරයෙන් සිදුකළ එම මෙහයුම දැක බලා ගැනීමට ද කලාවැව අවට ප්‍ර දේශවාසීහු පිරිසක් ද එක්රොක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කලා වැවෙන් එතෙර වෙන්න ගිහින් අතරමං වූ අලියා බේරාගනී
ජයේ Wednesday, 22 November 2023 05:39 AM
අලියා (ඇතා), කලාවැව, නහය.....?
Mudalige Wednesday, 22 November 2023 06:04 AM
විශිෂ්ට මැදිහත්වීමක්
පියනන්ද Wednesday, 22 November 2023 08:20 AM
මේ පිනෙන් සසරේ කිසි දිනෙක ඒ සියලු දෙනාගේ දෑස් සුරැකේවා. පෙනීම අහිමි නොවේවා!