ප්‍රවීණ සංගීතවේදියකු ගීත රචකයකු, තනු නිර්මාණ කරුවකු වන සුනිල් දයානන්ද කෝනාර මහතා (64) අභ්රාවප්රාප්ත විය.
දේහය දඹදෙණිය මුතුගල නිවසේ තැන්පත් කර තිබේ.
කරණාරත්න දිවුල්ගනේ ගයන ‘නිල් දියවර‘ සුනිල් එදිරිසිංහ ගයන මහ වැස්සක් බිමට හෙළා‘ නන්දා මාලිනි ගයන ‘වහින්නට හැකි නම්‘ වැනි ජනප්‍රිය ගී ගණනාවක සංගීත තනු නිර්මාණ ශිල්පියා වන්නේ සුනිල් කෝනාරය.
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ සංගීත ගුරුවරයා වු කෝනාර මහතා දෙවරක්ම රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.
දේහය පිළිබඳ අවමඟුල සෙනසුරාදා 10 වැනිදා සවස 4ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදන්නට හැකිනම් දෙනෙත් තුළ... සැබෑ වන සුබ සිහිනයක් වී... ගැයෙන්නට හැකිනම් දොරින් දොර... ලොවම පුබුදන ගීතයක් වී... ඔබට නිවන් සැප ලැබෙිවා..!!! (නි)
ප්රබුද්ධ ගී පද රචකයන් දැයෙන් සමුගනිද්දී නැවත අලුත් රචකයන් බිහිවීමක් නොමැති බවයි පෙනීයන්නේ. ඒ නිසා හරයක් ඇති කව්පද කෙසේ බිහිවන්නද? (නි)
කියන්න බැරිතරමට දුකක් දැනෙනවා හිතට. ඔබ මට හිටිය හොඳම මිතුරෙක්, සහෝදරයෙක්. ඔබට නිවන් සුව පතනවා! (නි)
සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබතුමාගේ ගීත ඉතා ආශාවෙන් රසවින්දනය කළෙමු, ඔබතුමාට නිවන් සුව ලැබේවා.....!!! (ම)
ඔබතුමාට නිවන් සුව!! ඔබතුමා සංගීතය සැපයු "වහින්නට හැකිනම්" ගීතය අසමින් සිටිමි (නි)
ඔබ නික්ම ගියත් ඔබගේ ගීත සදාකල් රැඳේවි (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! මෑත කාලයේ ඔබතුමගේ නම අපට නිතර නිතර අසන්න ලැබුනා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟ වැදුන තරඟකරුවෙකුගෙන්. ඒ එයාගේ පළමු ගුරුතුමා හැටියට. (නි)
අපේ පවුලේද හිතවතෙකි. මගේ පුතාගේ සංගීත ගුරුවරයාය. ඉතාමත් සංවේදී, නිහතමානී, පරිපුර්ණ සංගීතවේදියෙක් වන මෙතුමා තවත් බොහෝ නිර්මාණ අප වෙනුවෙන් කළයුතුව තබියදී, පෙර අත් බවයක පැතුවක් ලෙස හෝ අකාලයේ අප හැර ගොස් ඇත. නිවන් සුව පාර්ථනා කරමු! (නි)